නවතම පුවත්

කමලා හැරිස් වෙනුවෙන් , ඉන්දියාව පුරා සැමරුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධූරයට පත් ප්‍රථම කාන්තාව ලෙස කමලා හැරිස් මහත්මිය ඊයේ දින ඉතිහාස ගතවිය .

ඇය මෙම තනතුරට පත්වීම නිමිති කරගනිමින්  මේ වනවිට ඉන්දියාව පුරාද   සැමරුම් උත්සව රැසක්  සංවිධානය වෙමින් පවතී .

කමලා හැරිස් යනු ඉන්දීය සම්භවයක්ද  ස්ත  කාන්තාවක් වීම ඊට හේතුවයි .

ඉන්දියාවේ පැවැත්වෙමින් ඇති මෙම උත්සව සැමරුම් අතරින් තමිල්නාඩුවේ චෙන්නායි නුවරින්ද සැතපුම් 200ක් දුරින් පිහිටි තුලසේන්ද්‍රපුරම් ගම්මානයේ සංවිධානය වී ඇති සැමරුම් සුවිශේෂී වේ.

කමලා හැරිස්ගේ සීයාගේ උපන් ගම චෙන්නායි නුවර සිට සැතපුම් 200 ක් දුරින් පිහිටි තුලසේන්ද්‍රපුරම් ගම්මානයයි . ඇගේ සීයා දශක ගණනකට පෙර ගම අතහැර චෙන්නායි නුවරට ගිය නමුත්  එය දැන් එම  ගම්වසීනට  අමතකවී ඇත  කමලා හැරිස් එම  ගමේ උපත ලැබුවේ නැති බවද එම ගම්වාසීන්ට අමතක වී ඇත  මේ ගම්වාසීන්ට  ඇති හොඳම මතකය හා වැදගත්ම කරුණ වී ඇත්තේ   කමලාගේ මව දකුණු ඉන්දියානු කාන්තාවක් වීම පමණි.

එය නිමිත්තක් කරගෙන ඔවුන් මේ දිනවල කමලාගේ සම්ප්‍රාප්තිය විවිධ ආකාරයට සමරමින් සිටිති .

මෙම ගම්වාසීන් ඊයේ දින රාත්‍රියේ සිට ම  අවුරුද්ද සමරන්නට මෙන් රතිඤ්ඤා පුපුරුවමින් , ප්‍රීති ඝෝෂා පවත්මින් කමලා වෙනුවෙන් හීත ගායන කරමින් ඇගේ ජය සමරමින් සිටිති .

තුලසේන්ද්‍රපුරමේ නිවෙස්වල, කුඩා කඩපිල්වල එල්ලෙන දින දසුන්වල මෙදා සිටින්නේ නළු නිළියන් නොව කමලා හැරිස් සහ ජෝ බයිඩන් ය. ගම පුරා ඒවා බෙදා හැරියේ සමූපාකාර සමිතියක් විසිනි.

කමලාගේ මව කැලිෆෝනියා සරසවියට ගොස්, එහිදී හමුවූ ජැමෙයිකානුවෙකු හා විවාහ වී දියණියක ලැබූ අතර , දැන් ඇමරිකාවේ උප ජනපතිනිය වන්නට යන්නේ සංස්කෘත බසින් ‘නෙළුම‘ යන අර්ථය ඇති ඒ ‘කමලා‘ දියණියයි . ඒ ගැන දකුණු ඉන්දියාවම ආඩම්බරවෙති

නොවැම්බරයේ ඇමරිකානු මැතිවරණය පවත්වන විටද මේ ගම්මු එක් වී තුලසේන්ද්‍රපුරමේ ප්‍රධාන හින්දු කෝවිලේ ආශිර්වාද පූජාවක් පැවැත්වූහ. ඇය ජයගත් බව සැළ වූ විට ද රතිඤ්ඤා පත්තු කෙරිණි. ගම්මු රසකැවිලි බෙදා ගත්හ. එදා ගම පුරා ඇළවුණු කමලාගේ පෝස්ටර තවමත් ඒ ආකාරයෙන්ම පවතියි. කිසිවෙකු ඒවාට අත තබන්නේ නැත.

අද දිනයේ මේ මුළු ගම්මානයම මස් මාංශ අනුභවයෙන් වැළකී සිටියි. නිර්මාංශත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ගමට පැමිණ මුළු ගමටම නිර්මාංශ ආහාර පාර්සල් බෙදා දී තිබේ.

ශිව පාර්වතී ප්‍රතිමූර්තියක් ලෙස සැලකෙන අයියනාර් ප්‍රතිමාවක් තුලසේන්ද්‍රපුරම් හින්දු කෝවිලේ තිබේ. අද විශේෂ වතාවත් පැවැත්වෙන්නේ මේ පිළිමය වටා ය.

මේ අතර ඉන්දියාවේ සිටින ලෝක පූජිත වැලි නිර්මාණ කැටයම්කරුවා සුදර්ශන් පට්නායික් විසින් පූරි වෙරළ තීරයේ කමලා හැරිස් සහ ජෝ බයිඩන්ගේ වැලි පිළිමයක් නෙළා එයට යටින් ‘සුබ පැතුම්‘ යැයි ලියා තිබේ.

‘‘ඊළඟ අවුරුදු හතරෙ ඉන්දියාව ගැන බැලුවොත් කමලා හැරිස් ට ඇමරිකාවෙ ජනාධිපති වෙන්නත් පුළුවන්..‘‘ ජෝ බයිඩන් දෙවැනි ධුර කාලකට ඉදිරිපත් වේද යන්න සැක සහිත නිසා කමලා හැරිස් අනාගත ඇමරිකානු ජනපතිනිය ලෙස සිතන්නට ද ගම්මුන් කැමති ය.

ඉන්දියාවේ ඈත දුෂ්කර  ගම්මානයක සිටින මෙම ගම්වාසීන්  ලබන්නේ  අහිංසක සතුටක් විය හැක .  ඔවුන්ට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගැන , ලෝක දේශපාලනය ගැන කරුණු  නොතේරෙනවා විය හැක. නමුත් අමෙරිකාවේ උප ජනාධිපතිනිය ලෙස කමලා දේවිය තේරී පත්වීම, අප හිතන තරම් අහඹු හෝ සරල සිදුවීමක් නොවිය හැක . එය  ඇමෙරිකාව හා ඉන්දියාව අතර පවතින දේශපාලන ආර්ථික සමාජයීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරන , දෙරට අතර ද්විපාර්ශවීය සබඳතාවන්හි තවත් එක් සංධිස්තානයක්  විය හැකි බවට  ජාත්‍යන්තර දේශපාලන විශේලේෂකයින් දැනටමත්  අනුමාන කර අවසන්ය .

 

.

    

REUTERS/P. Ravikumar

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී