නවතම පුවත්

සුදු ජාතිකවාදයට ෆේස්බුක් ඉඩ ඇහිරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

‘සුදු ජාතිකවාදය සහ එම මතවාදයට සම්භන්ධ සියලුම ජයාරූප හා පෝස්ටු (posts) ‘ අවහිර කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර ඇත.

ජාතිවාදී හා “ත්‍රස්තවාදී කණ්ඩායම්” විසින් පළ කරනු ලබන මෙවැනි අදහස් හඳුනා ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමටද සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆේස්බුක් සමාගම මේ වනවිට සැලසුම් කර ඇත..

නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් වෙත එල්ල කළ වෙඩි ප්‍රහාර සජීවීව විකාශය කිරීමත් සමග ෆේස්බුක් සමාගම මෙම තීරණයට එළඹ ඇත.

“ජාතිවාදී” අදහස් යැයි නොසලකනු ලබන ඇතැම් සුදු ” ජාතිකවාදී” අදහස් ප්‍රකාශ කිරීමට ෆේස්බුක් මීට ඉහතදී අවස්ථාව දී තිබිණි.

එහෙත්, පසුගිය 28)දින එම ආයතනය බ්ලොග් පිටුවක සඳහන් කර තිබුණේ, “සිවිල් සාමාජිකයින් සහ විද්වතුන්” වෙතින් මාස තුනක් තිස්සේ ලත් උපදේශන අනුව සුදු ජාතිකවාදය යන යෙදුම, සුදු ආධිපත්‍යය සහ සංවිධානාත්මක වෛරී කණ්ඩායම් යන අරුත්වලින් වෙනස් නොවන බව හඳුනා ගත් බවය.

50 දෙනෙකුට මරු කැඳවූ නවසීලන්ත වෙඩි ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ඉවත් කිරීමට පෙර 4000කට වැඩි වාර ගණනක් එය නරඹා තිබූ බව ෆේස්බුක් සමාගම පිළිගෙන තිබිණි.

එම සමාගම පැවසුවේ, පැය 24ක් ඇතුළත එම වීඩියෝවේ පිටපත් මිලියන 1.2ක් ‘අප්ලෝඩ්’ කෙරෙමින් පවතින අතරතුර අවහිර කළ අතර, තවත් පිටපත් 300000ක් මකා දැමූ බවය.

මේ අතර, එම වීඩියෝව පළ කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ෆේස්බුක් සහ යූටියුබ් සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට ප්‍රංශයේ මුස්ලිම් ප්‍රජාව පියවර ගෙන ඇත.

‘Steam’ පරිගණක ක්‍රීඩා ජාලය අයත් ‘Valve’ සමාගම පැවසුවේ, නවසීලන්තයේ වෙඩි ප්‍රහාරකයා අගයමින් පළ කර තිබූ අදහස් 100කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කළ බවය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි