නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවටම දරුවකු පිහිනා ගිහින්

අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පෝක් සමුද්‍රසන්ධිය හරහා කිලෝමීටර් 32කට වැඩි දුරක් පිහිනා ගිය දරුවකු පිළිබද පුවතක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වේ.

10 හැවිරිදි ජායි ජස්වන්ත් නමැති ඔහු ඉන්දියාවේ පිහිනීම පිළිබද ජාතික මට්ටමේ රන් පදක්කම් දිනූ දරුවෙකි.

නව වාර්තාවත් සමග පෝක් සමුද්‍රසන්ධිය අඩුම කාලයකින් තරණය කළ ළාබාළතම පිහිනුම්කරු බවට ජස්වන්ත් පත්වෙයි.

ඔහු තලෙයිමන්නාරම සිට පිහිනීම අරඹා තිබුණේ අලුයම 4ට ය.

පිහිනා යන අතරතුර ඔහු ශක්තිජනක පාන පමණක් භාවිත කළ බව ඔහුගේ පිහිනීම අධීක්ෂණය කළ නාවික වෙරළාරක්ෂක බළකා භටයින් පවසා තිබේ.

කෙසේවෙතත් ඔහු පස්වරු 2.30 පමණ වනවිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙරළට ළගාවී තිබේ.

ඒ අනුව ජස්වන්ත් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කරමින් එකදිගට පැය 10යි විනාඩි 30ක් පුරා පිහිනා ගොස් ඇත.

ජස්වන්ත් තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි