නවතම පුවත්

ශ්‍රී ලාංකීය සිනමාව, ජාත්‍යන්තරය වෙත ගෙන යන “සිනමා සිලෝන්”

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරය වෙත ගෙනයාම ඉලක්ක කර ගත් , සිනමා සිලෝන් (CinemaCeylon) නම් නවතම අන්තර්ජාල පීඨිකාව (platform) පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී උත්සවාකාරයෙන් සයිබර් අවකාශයට මුදාහැරින .

ශ්‍රී ලංකාවට අතිශය නැවුම් අත්දැකීමක් වන මේ පිළිබඳව, සිනමා සිලෝන් නිර්මාතෘ, හා සිනමා සිලෝන් වර්ල්ඩ් සර්විස් ආයතනයේ ප්‍රධාන විධායක , සිනමාවේදී තුසිත ද සිල්වා මහතාගෙන් අප කල විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය .

තුසිත ද සිල්වා

CinemaCeylon කියන්නේ SVOD Platform එකක්. ඒ කියන්නේ (Subscription based Video On Demand) ඉල්ලුම මත දායකත්වය පදනම් කරගන්නා වීඩියෝ සැපයුම් වේදිකාවක් කියා සරලව සිංහලට නැඟිය හැකියි. ගෙදර ස්මාට් ටීවී එකක් තිබෙනවා නම් අපට කැමැති චිත්‍රපටයක් නැරඹීමට හැකියාව තිබෙනවා මේ ක්‍රමය යටතේ.

ඩිජිටල් ලෝකය අප ආක්‍රමණය කරලා අවසන්. එහි යූටියුබයටත් වඩා අලුත්ම ක්‍රමවේදය තමයි මේ එස්වීඕඩී වේදිකාව. ලෝකයේ ජනගහනයෙන් සියයට 59ට පමණ මොනයම් හෝ ආකාරයකින් අන්තර්ජාල පහසුකමක් තිබෙනවා. ඒ හැම කෙනකුටම මොන ආකාරයෙන් හෝ මේ වේදිකාවකට ඇතුළු වීමේ හැකියාවත් තිබෙනවා.

ලෝකයේ දියුණු කිසිම සිනමාවක් තමන්ගේ රටේ විතරක් ප්‍රදර්ශනයෙන් පවතින්නේ නෑ. ඒ නිසා අප උත්සාහ කරන්නේ මේ සයිබර් අවකාශයේ තිබෙන මේ සුවිශේෂී හැකියාව භාවිත කර අපට අපේ චිත්‍රපටවල සමාන්තර ලෝක නිකුතුවක් කරන්න. එවිට ලෝකයේ ඕනෑම රටක අන්තර්ජාල පහසුකම් සහිත ඕනෑම කෙනකුගේ මෙවලමකම මේ චිත්‍රපටය තිබෙනවා. අවශ්‍ය කෙනකුට චිත්‍රපටය මෙහි ප්‍රදර්ශනය වන පළමු තත්පරයේ සිටම එය ලෝකෙ ඕනෑම රටක සිට නරඹන්න පුළුවන්.

අපේ වැටී තිබෙන සිනමා කර්මාන්තය ගොඩ ගන්න මේක හොඳම ක්‍රමයක්. මොකද දළ වශයෙන් ලෝක රසිකයන් 25000ක් මෙය නැරඹුවොත් අපට රුපියල් ලක්ෂ 80ක ආදායමක් ලැබෙනවා. එයින් නිෂ්පාදකයා රැකෙන නිසා ඔවුන් තව නිෂ්පාදනවලට අතගසයි. ඇත්තෙන්ම මෙයින් නිෂ්පාදකවරුන්ට පළමු මුදාහැරීමේදී අමතර ආදායමක් ලබා දීම සඳහා පමණයි කෙරෙන්නේ.

චිත්‍රපටය නරඹන්න ක්ලික් කරලා මඟක් බැලුවත් ආදායම අපට ලැබෙනවා. සබ්ස්ක්‍රයිබ් කළාට නම් මුදලක් ලැබෙන්නේ නෑ. මෙය අසීමිත වෙළෙඳපොළක්. සමහරවිට මේ ක්‍රමය තිබුණා නම් මීට පෙර පාඩු විඳී චිත්‍රපට පවා ඉන් මිදෙන්න ඉඩ තිබුණා. මේ වෙද්දි අපේ රටේ ප්‍රධාන පෙළේ අධ්‍යක්ෂවරුන් කීපදෙනකුම අප සමඟ ඔවුන්ගේ මීළඟ චිත්‍රපට මුදා හරින්න කැමැත්ත පළ කර තිබෙනවා.

අපි අදහස් කරගෙන ඉන්නවා මේ වේදිකාවේ නිදහස් කෙරෙන චිත්‍රපට අතරින් සම්මාන උලෙළක් පවත්වන්න. එයින් යම් ජීවයක් මෙහි නිර්මාණකරුවන්ට ලැබෙන නිසා. ඉතින් අපි ආරාධනා කරනවා දැනට සිනමාවේ නියැළෙන අයට මෙන්ම සිනමාවට සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින අයට මේ අවස්ථාවෙන් විපුල ඵල ප්‍රයෝජනය ලබා ගන්න කියලා.

මේ පිළිබඳව අප වෙත තවදුරටත් කරුණු පැහැදිලි කල සිනමා සිලෝන් වර්ල්ඩ් සර්විසස් ආයතනයේ තොරතුරු තාක්‍ෂණවේදී චිරස්ති පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය .

මෙහි 2K සහ 4K ආදි ගුණාත්මක බවින් තමයි චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නේ. මෙහි විනිවිදභාවය තබා ගැනීමට අපි පියවර රැසක් ගෙන තිබෙනවා. පැරැණි චිත්‍රපට මිල දී ගෙන පෙන්වනවා වෙනුවට තිරගත කරන හැම චිත්‍රපටයක නිෂ්පාදකවරයකුටම තමන් උපයන සෑම ඩොලරයකින් සියයට 60ක් ලබා දෙනවා. අපේ ආයතනයට ගන්නේ සියයට 40ක් පමණයි. මෙය කොටස් ආර්ථික වගේම සමාජවාදී ක්‍රමවේදයක්. ඇත්තෙන්ම මෙය ලංකාවේ ප්‍රථම බ්ලොක්චේන් වර්ගයේ සිනමා අන්තර්ජාල පීඨිකාව ලෙසද හඳුන්වන්න පුළුවන්.

මෙහි සර්වර් දෙකක් තිබෙනවා. ප්‍රබලම ඇමෙරිකානු සර්වරයක් සහ තවත් වැඩසටහන දුවන සර්වරයක් තිබෙනවා. අපට ලැබෙන සියයට 40න් වැඩි කොටස යන්නේ ඒ සර්වර් සඳහා. අපට කාර්යාලය පවත්වාගන්න අවශ්‍ය වන්නේ කුඩා සේවක පිරිසක් පමණයි. මෙහි ආරක්ෂාව සඳහාත් විවිධ ක්‍රමවේද අප යොදා තිබෙනවා.

 

Image may contain: 8 people, including Chirasthi Perera and Thusitha De Silva, people standing and indoor

ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ සුරතින් , සිනමා සිලෝන් දියත් කෙරුණු අවස්තාව

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී