නවතම පුවත්

කොවිඩ් එන්නත ගැන, නිතරම ඇසෙන ප්‍රශ්ණවලට පිළිතුරු මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කෝවිඞ්-19 එන්නත් ගුණාත්මකද? ආරක්ෂිතද?

එන්නත්වල සුරක්ෂිතබව හා ගුණාත්මකබව තහවුරු කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ
ඉහළම ප‍්‍රමුඛතාවකි. කෝවිඞ්-19 එන්නත් ඉක්මණින් සංවර්ධනය කරනු ලැබුවද, සියලූ
අත්‍යවශ්‍ය පියවර අනුගමනය කරන ලද අතර, සුරක්ෂාව හා සඵලතාව පිළිබඳ සාමාන්‍ය
අධීක්ෂණ යාන්ත‍්‍රණයන් ක‍්‍රියාත්මක කරන ලදී. එන්නත්වල ගුණාත්මකභාවය, ආරක්ෂාව
හා සඵලතාව සම්බන්ධ ගෝලීය වශයෙන් පිළිගත් සම්මතයන් හා ප‍්‍රමිති සංවර්ධනය කිරීම
හා ක‍්‍රියාත්මක කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ජාතීක නියාමන අධිකාරීන් සමග
ක‍්‍රියාත්මක වේ.

 

කෝවිඞ්-19 එන්නත් කරගත් අයෙකුටත් ආසාදනය
ඇතිවිය හැකිද?

එන්නත්කරණයෙන් පසු, කෝවිඞ්-19ට එරෙහිව ශරීරය තුළ ප‍්‍රතිශක්තිය නිර්මාණය
වීමට සාමාන්‍යයෙන් සති කීපයක් ගතවේ. එයින් අදහස් වන්නේ එන්නත ලබාගැනීමට
මොහොතකට පෙර හෝ එන්නත ලබාගෙන මොහොතකට පසු පුද්ගලයකු කෝවිඞ්-19
වෛරසය ආසාදනය වී රෝගී විය හැකි බවයි. එයට හේතුව වන්නේ, එන්නත
අකාර්යක්ෂම වීම නොව, ආරක්ෂාව සැපයීමට තරම් ප‍්‍රමාණවත් කාලයක් එන්නතට
නොලැබීම නිසායි. එසේම, කිසිදු එන්නතක 100% සඵලතාවක් නැත. කෝවිඞ්-19 එන්නත්
ලබාගත් ඇතැම් පුද්ගලයන් තුළ ද, රෝගය සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ප‍්‍රතිශක්තියක්
ගොඩනැගෙන්නේ නැත. එබැවින් ඔවුන් රෝගය වැළඳීමේ අවදානමට ගොදුරු වෙති.

කෝවිඞ්-19 එන්නත් මගින් දිගුකාලීනන
ප‍්‍රතිශක්තියක් සපයනවාද?

මේවා අලූත් එන්නත් නිසා, එමගින් දිගුකාලීනව කෝවිඞ්-19ට එරෙහි ප‍්‍රතිශක්තියක්
සපයනවා ද යන්න පිළිබඳ අපි තවම නොදනිමු.

 

කෝවිඞ්-19 එන්නත් කෙතරම් ඵලදායීද?

කිසිදු එන්නතක් 100%ක් සුරක්ෂිත නොවුණත්, කෝවිඞ්-19 එන්නත් කිහිපයක ඉහළ
මට්ටමේ ඵලදායිතාවක් තිබෙන බව පෙන්නුම් කර තිබේ. ජානමය හා/හෝ ජීව විද්‍යාත්මක
ලක්ෂණ හේතුවෙන් මිනිසුන් සුළු ප‍්‍රතිශතයක් තුළ කෝවිඞ්-19 එන්නත්කරණයෙන් පසු,
බලාපොරොත්තු වන මට්ටමේ ආරක්ෂාවක් ඇති වන්නේ නැත.
එන්නත්වල විශේෂිත ලක්ෂණවලට අමතරව, පුද්ගලයකුගේ වයස, සෞඛ්‍ය තත්වය
හෝ කෝවිඞ්-19 ආසාදනයට මීට පෙර නිරාවරණය වීම වැනි සාධක මත ඔවුන් එන්නත
නිසා කෝවිඞ්-19න් කෙතරම් දුරට ආරක්ෂා වෙනවාද යන්න තීරණය වේ. එන්නතෙහි
ඵලදායිතාව පිළිබඳ අඛණ්ඩව ඇගයීම් කිරීම ඉතා වැදගත්ය. වඩාත් ඵලදායී එන්නත්
නිෂ්පාදනය කළ හැක්කේ එමගිනි. මෙම ක‍්‍රියාවලිය එන්නත් නිෂ්පාදන චක‍්‍රයේ
සාමාන්‍ය කොටසකි.

Why Oxford's positive COVID vaccine results are puzzling scientists

කෝවිඞ්-19 එන්නත් හරහාත් ආසාදනය
ඇතිවිය හැකිද?

නිල වශයෙන් පිළිගන්නා ලද හා නිර්දේශ කරන ලද කෝවිඞ්-19 එන්නත්වල මෙන්ම,

වර්තමානයේදී සංවර්ධනය කරමින් තිබෙන සෙසු කෝවිඞ්-19 එන්නත්වල ද කෝවිඞ්-19
රෝගය ඇතිකරන සජීවී වෛරස අඩංගු වන්නේ නැත. එ් අනුව, කෝවිඞ්-19 එන්නතක්
මගින් රෝගය ඇතිවන්නේ නැත.
විවිධ වර්ගවල එන්නත් ගණනාවක් සංවර්ධනය කරමින් තිබේ. සියලූ එන්නත් විසින්
කරනු ලබන්නේ කෝවිඞ්-19 ආසාදනය කරන වෛරස හඳුනාගෙන සටන් කිරීමට අපගේ
ප‍්‍රතිශක්ති පද්ධතියට ඉගැන්වීමයි. ඇතැම් විට, මෙම ක‍්‍රියාවලිය හේතුවෙන් උණ වැනි
රෝග ලක්ෂණ ඇති වේ. එම රෝග ලක්ෂණ සාමාන්‍ය වන අතර ශරීරය තුළ කෝවිඞ්-19ට

එරෙහි ප‍්‍රතිශක්තිය ගොඩනැගෙමින් තිබෙන බවට එමගින් සංඥා කරයි.

 

කෝවිඞ්-19 එන්නත් කරගත් අයෙකුටත් ආසාදනය
ඇතිවිය හැකිද?

එන්නත්කරණයෙන් පසු, කෝවිඞ්-19ට එරෙහිව ශරීරය තුළ ප‍්‍රතිශක්තිය නිර්මාණය
වීමට සාමාන්‍යයෙන් සති කීපයක් ගතවේ. එයින් අදහස් වන්නේ එන්නත ලබාගැනීමට
මොහොතකට පෙර හෝ එන්නත ලබාගෙන මොහොතකට පසු පුද්ගලයකු කෝවිඞ්-19
වෛරසය ආසාදනය වී රෝගී විය හැකි බවයි. එයට හේතුව වන්නේ, එන්නත
අකාර්යක්ෂම වීම නොව, ආරක්ෂාව සැපයීමට තරම් ප‍්‍රමාණවත් කාලයක් එන්නතට
නොලැබීම නිසායි. එසේම, කිසිදු එන්නතක 100% සඵලතාවක් නැත. කෝවිඞ්-19 එන්නත්
ලබාගත් ඇතැම් පුද්ගලයන් තුළ ද, රෝගය සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ප‍්‍රතිශක්තියක්
ගොඩනැගෙන්නේ නැත. එබැවින් ඔවුන් රෝගය වැළඳීමේ අවදානමට ගොදුරු වෙති.

 

කෝවිඞ්-19 වැළඳී සුවවූ අයෙකුත් කෝවිඞ්-19 එන්නත
ලබාගත යුතුද?

කෝවිඞ්-19 සමග සම්බන්ධ සෞඛ්‍ය අවදානම් හා කෝවිඞ්-19 නැවත ආසාදනය වීමේ
ඉඩක් තිබෙන නිසා, කෝවිඞ්-19 දැනටමත් වැළඳී තිබේද, නැද්ද යන කාරණය නොතකා
සැමට එන්නත ලබාදිය යුතුය. එන්නත ලබාදීම පිළිබඳ තීරණ ගැනීමේදී කලින් සිදු වූ
ආසාදන සම්බන්ධයෙන් වෛරස හෝ රුධිර තරල විද්‍යාත්මක :ිැරදකදටසජ්ක* පරීක්ෂණ
නිර්දේශ කරන්නේ නැහැ.
ආසාදනයක් මගින් යම් පුද්ගලයකුට ලැබෙන ප‍්‍රතිශක්තියට කියන්නේ ස්වාභාවික
ප‍්‍රතිශක්තිය කියායි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. විශේඥයන් කෝවිඞ්-19
සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙනීමට උත්සාහ කරමින් සිටින අතරතුර ස්වාභාවික මෙන්ම
එන්නත් මගින් නිර්මාණය කරනු ලබන ප‍්‍රතිශක්තිය ද වැදගත් වේ. මේ වන විට ඔබට
කෝවිඞ්-19 වැළඳී තිබුණත්, නැතත්, ආසාදනය වැළැක්වීම සඳහා තිබෙන හොඳම
ආකාරය ප‍්‍රසිද්ධ ස්ථානවලදී වන්නේ මුඛ ආවරණයක් පැළඳීම, අනෙකුත් පුද්ගලයන්ගෙන්
අඩු තරමින් මීටරයක් දුරින් සිටීම, නිතර සබන් හා වතුර යොදා තත්පර 20ක්වත් දෑත්
සේදීම හා සෙනග හා ආවරණය වූ ස්ථාන මගහැර සිටීමයි.

Why have 14,000 people volunteered to be infected with coronavirus?

කෝවිඞ්-19 එන්නත මගින් විවිධ කෝවිඞ්-19
ප‍්‍රභේදවලින් ආරක්ෂාව ලබාදෙනවාද?

කොවිඩ්  වෛරසය තුළ ජානමය වශයෙන් සිදු වී තිබෙන වෙනස්කම් පිළිබඳ වාර්තා
ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කරයි. මෙම වෛරසය ද අනෙකුත් වෛරස මෙන්
කාලයත් සමග වෙනස් වෙයි. එම වෙනස්කම් මගින් රෝග නිශ්චයට, ප‍්‍රතිකාරවලට හා
එන්නත්වලට සිදුවන බලපෑම නිරීක්ෂණය කිරීම වැදගත්ය. අප දැනට දන්නා පරිදි, දැනට
ලබාගත හැකි හා නිෂ්පාදනය කරමින් තිබෙන එන්නත් ී්ඍී-ක්‍දඪ-2 වෛරසයේ මෙතෙක්
වාර්තා වී තිබෙන ප‍්‍රභේදවලින් ආරක්ෂාව සපයයි. එයට හේතුව වන්නේ මෙම එන්නත්
විසින් පුළුල් ප‍්‍රතිශක්තියක් සහ ප‍්‍රතිදේහ හා ෙසෙල මැදිහත් වී සිදුකරන ප‍්‍රතිශක්ති
ප‍්‍රතිචාර සමුදායක් නිර්මාණය කිරීමයි. වෛරසය පරිණාමය වන ආකාරය හා එමගින්
ඇතිවිය හැකි බලපෑම අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතුය.

කෝවිඞ්-19 එන්නත්වල අතුරු ආබාධ තිබෙනවාද?

ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් මෙන්, කෝවිඞ්-19 එන්නත් ද උණ, හිසරදය, මහන්සිය,
මස්පිඬුවල වේදනා සහ/හෝ එන්නත ලබාදුන් ස්ථානයේ සම රත්පැහැ ගැනීම වැනි අතුරු
ආබාධ ඇතිකළ හැකිය. බොහෝ අතුරු ආබාධ දින කීපයකින් ඉබේම නැති වී යයි.
දරුණු හෝ දිගුකල් පවත්නා අතුරු ආබාධ ඇතිවන්නේ කලාතුරකිනි. අහිතකර ප‍්‍රතිඵල
හඳුනාගැනීම සඳහා එන්නත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් අඛණ්ඩවම නිරීක්ෂණ සිදුවේ.
එබැවින්, කිසියම් අතුරු ආබාධයක් හෝ අයහපත් දෙයක් සිදුවුවහොත් අදාළ සෞඛ්‍ය
බලධාරීන්ට දැනුම්දීම සෑම එන්නත්ලාභියකුගේම වගකීමකි.

 

එක් එන්නතක් සමග තවත් එන්නතක් මාරුවෙන්
මාරුවට භාවිතා කළ හැකිද?

කෝවිඞ්-19 එන්නත් ආකෘති තුළ එක් එන්නතක් තවත් එන්නතක් සමග මාරුවෙන් මාරුවට
භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ දත්ත නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය වර්තමානයේදී
නිර්දේශ කරන්නේ මාත‍්‍රා දෙක සඳහා එකම නිෂ්පාදනය භාවිතා කරන ලෙසයි. විවිධ
කෝවිඞ්-19 එන්නත් නිෂ්පාදනවලින් මාත‍්‍රා දෙකක් යම් හේතුවක් මත ලබාදී තිබේ නම්,
තවත් අමතර මාත‍්‍රාවක් මෙම අවස්ථාවේදී නිර්දේශ කරන්නේ නැත. වැඩිදුර විස්තර
ලැබුණු පසු නිර්දේශ යාවත්කාලීන කෙරෙනු ඇත.

Coronavirus vaccine: List of top candidates, storage, price; all you need to know

කෝවිඞ්-19 එන්නත මුලින්ම ලබාදෙන්නේ කාටද?

එන්නත් යනු ගෝලීයව යහපතක් සිදු වන මෙවලමකි. ඕනෑම කෙනෙකුට එන්නත
ලබාදීමෙන් සෑම කෙනෙකුටම වාසියක් සිදු වේ. එන්නත ලොව පුරාම ලබාගත හැකි
තත්වයට පත්කිරීම සෑම රටකටම වාසි ගෙන දේ. ලොව සෑම කොටසකම වසංගතය
පාලනය කර නොගතහොත්, ලෝකයට (ආර්ථිකය ද ඇතුළත්ව* යථා තත්ත්වයට
පත් විය නොහැකිය.
මුල් අදියරේදී එන්නත් සැපයුම සීමිතය. එන්නත් සඳහා සාධාරණ ප‍්‍රවේශය ලබාදීම
උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධාන්‍යේ එන්නත්කරන උපදේශක විශේෂඥ කණ්ඩායම (sage )
විසින් ජනගහන ප‍්‍රමුඛතාකරණය සම්බන්ධ නිර්දේශ ප‍්‍රතිපත්තියක් නිකුත් කරන ලදී. එයට
පාදක වන්නේ කෝවිඞ්-19 වසංගතය තුළ හඳුනාගත් සාක්ෂිය.
සෞඛ්‍ය හා අනෙකුත් ඉදිරිපෙළ සේවකයන්ට, වැඩිහිටි ජනයාට හා නොයෙක් රෝග
සහිත පුද්ගලයන්ට ප‍්‍රමුඛතාව ලබාදෙන්නැයි sage  නිර්දේශ  කරයි. තාර්කික හා හදිසි
යයි හැෙඟ් නම්, මූලික අදියරේදීම ආවරණය කිරීම සඳහා වඩා අධි අවදානමක් තිබෙන
කණ්ඩායම් නිර්දේශ කිරීමේ හැකියාව රටවලට තිබේ.
අධි අවදානම් සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීමේ තුන් ආකාරයක වැදගත්කමක්
තිබේත (ස* වෙන වෙනම සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීම× (සස* වසංගතය අතරතුරදී
වැදගත් අත්‍යවශ්‍ය කෝවිඞ්-19 නොවන සෞඛ්‍ය සේවා ආරක්ෂා කරගැනීම, සහ

(කොවිඩ්  අවදානම් ජනයාට ආසාදනය සම්පේ‍්‍රෂණය වීම වැළැක්වීම. මරණ සංඛ්‍යාව අවම
කිරීමේදී වැඩිහිටි ජනයා ආරක්ෂා කරගැනීම වැදගත් වේ.)
ඇතැම් බහුවිධ රෝග සහිත පුද්ගලයන් හට කෝවිඞ්-19 අවදානම හා එමගින් සිදුවන
මරණ අවදානම වැඩි බව හඳුනාගෙන තිබේ. දෙවන හා තුන්වන අදියරේ සායනික
අත්හදාබැලීම්වලදී නිරූපණය වූයේ විශේෂ වෛද්‍ය තත්වයන් තිබෙන අයට ද එන්නත
විසින් සමාන ආරක්ෂාවක් හා සඵලතාවක් ලබාදෙන බවයි. බහුවිධ රෝග අතරට, අධි
රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම, හෘද රෝග, අක්මා රෝග, වකුගඩු රෝග හා නිදන්ගත
(ස්ථාවර හා පාලනය කරන ලද ) * එච්අයිවී ,, හෙපටයිටිස් සී ,සහ/හෝ හෙපටයිටිස් බී

අයත් වේ. කෝවිඞ්-19 සම්බන්ධ අධි අවදානමක් ඇති
බව හඳුනාගෙන තිබෙන බහුවිධ රෝග සහිත පුද්ගලයන්ට ද එන්නත්කරණය නිර්දේශ
කරනු ලැබේ.
තවත් එන්නත් භාවිතය සඳහා පැමිණෙන විට, අමතර ප‍්‍රමුඛ කණ්ඩායම් ලෝක සෞඛ්‍ය
සංවිධානයේ ප‍්‍රමුඛකරණ මාර්ගෝපදේශය සලකා බැලිය හැකිය . එහිදී ජාතික වසංගත
රෝග දත්ත හා වෙනත් අදාළ සලකාබැලීම් ද සිදුකළ යුතුය.

 

කෝවිඞ්-19 එන්නත ලබානොදෙන්නේ කාටද?

පුද්ගල ලක්ෂණ සම්බන්ධයෙන් එන්නත ලබාදීමේ සීමා, එන්නතේ වර්ගය අනුවවෙනස්
වේ. කෙසේ වෙතත්, පහත දැක්වෙන කණ්ඩායම් සම්බන්ධයෙන් කෝවිඞ්-19 එන්නතේ
ආරක්ෂාව සම්බන්ධයෙන් දත්ත නැත. මෙම කණ්ඩායම් සඳහා සියලූ කෝවිඞ්-19 එන්නත්
වර්තමානයේදී නිර්දේශ කරන්නේ නැත. කෙසේ වෙතත්, ලැබෙන සාක්ෂි අනුව, මෙම
තීරණය සමාලෝචනය කර සංශෝධනය කරනු ඇත.
වයස අවුරුදු 16ට අඩු ළමයින්: මෙම වයස් කාණ්ඩය සම්බන්ධයෙන් එන්නතේ
සඵලතාව හෝ සුරක්ෂිතභාවය පිළිබඳ දත්ත දැනට නැත. එම නිසා මෙම
අවස්ථාවේදී ඔවුන් එන්නත් නොකළ යුතුය.
ගර්භණී කාන්තාවන්: ගර්භණී අවධියේදී එන්නතේ සඵලතාව හා එන්නතේ අවදානම
සම්බන්ධයෙන් තක්සේරු කිරීමට දැනට තිබෙන දත්ත ප‍්‍රමාණවත් නැත. ඉදිරි මාස
කීපයේදී ගර්භණී කාන්තාවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයන සැලසුම් කර තිබේ.
මෙම අධ්‍යයනවල දත්ත ලැබුණු පසු, එ් අනුව එන්නත් පිළිබඳ නිර්දේශ යාවත්කාලීන
කරනු ඇත. මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ, ගර්භණී
කාන්තාවක් එන්නත් කිරීමේ වාසිය එන්නතේ අවදානමට වඩා විශාල නොවේ නම්,
කෝවිඞ්-19 එන්නත් ගර්භණී සමය තුළ භාවිතා නොකරන ලෙසයි. උදාහරණයක්
ලෙස, අධි අවදානම් නිරාවරණයන් සිදුවන සෞඛ්‍ය සේවකයන් හා බහුවිධ
රෝග තිබෙන ගර්භණී කාන්තාවන් බරපතල කෝවිඞ්-19 සම්බන්ධ අධි අවදානම්
කණ්ඩායමට අයත් වේ.
xවර්තමානයේ උග‍්‍ර ලෙස කෝවිඞ්-19 වැළඳී සිටින පුද්ගලයන් කොරෝනා  සම්බන්ධ
පැහැදිලි රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන්ට එන්නත් ලබාදීම ඔවුන් සුවපත් වනතුරු
හා හුදකලාකරණ සමය අවසන් වනතුරු කල්දැමිය යුතුය. රෝග ලක්ෂණ පහවීම හා
එන්නත ලබාදී අතර අවම කාල පරතරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට
තරම් දැනට ඇති දත්ත ප‍්‍රමාණවත් නැත.

90-year-old in UK becomes first in world to receive COVID vaccine | Daily News

කෝවිඞ්-19 එන්නත් ලබාදෙන්නේ කෙසේද?

වර්තමානයේ බොහෝ එන්නත් නිර්දේශ කරනු ලබන්නේ මාත‍්‍රා දෙකක් ලෙසයි. එන්නත
ලබාදෙනුයේ පේශි හරහා නික්ෂේපනය මගිනි. මාත‍්‍රා අතර කාල පරතරය දින 21-28 අතර වේ.

 

ශ‍්‍රී ලංකාවට ලැබෙන්නේ එක් වර්ගයක එන්නතක්ද?

කොවැක්ස්  පහසුකම විසින් සලකා බලමින් සිටිනුයේ එක් එක්  රටවල් අතර විවිධ එන්නත්
බෙදාහැරීමටයි. එබැවින් රටවලට එක් වර්ගයකට වඩා එන්නත් ලැබෙන්නට ඉඩ තිබේ.
ශ‍්‍රී ලංකාව ඣඪ්ඞ පහසුකම මග සම්බන්ධ වී තිබෙන්නේ එක් එක්  සාමාජික රාජ්‍යයක් ලෙසයි.
එම නිසා, පහසුකම විසින් ලබාදෙන එන්නත්වලින් එයට ප‍්‍රතිලාභ ලැබෙනු ඇත. වෙන්කර
තිබෙන එන්නත් මාත‍්‍රා තම රටේ තත්වය අනුව භාවිතා කිරීමේ නිදහස, ජාතික අධිකාරීන්ට
තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරන උපදේශක විශේෂඥ කණ්ඩායම
විසින් ලබාදෙන නිර්දේශ හා මාර්ගෝපදේශ මේ සඳහා අනුගමනය කළ හැකිය

 

කෝවිඩ-19 එන්නත ලබාදීමෙන් වසංගතය අවසන් බව
අදහස් වේද?

එන්නත් යනු වැදගත් මෙවලම් වේ. එන්නත්කරණය ඉතා වැදගත් මැදිහත්වීමකි. එහෙත්,
එපමණකින් වසංගතයක් අවසන් වන්නේ නැත. එන්නත් ගෝලීය වශයෙන් ලබාදෙන අතරතුර
අප විසින් වෛරසය පැතිරීම හා මරණ වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ ක‍්‍රියාමාර්ග ගතයුතුව
තිබේ. එයින් අදහස් වන්නේ එන්නත් සමග අප විසින් ශාරීරික දුරස්ථභාවය, මුඛ ආවරණ
පැළඳීම, සබන් යොදා දෑත් සේදීම, වාතාශ‍්‍රය වර්ධනය කිරීම, සෙනග ගැවසෙන තැන්
මගහැරීම, මතුපිටවල් විෂබීජහරණය හා අවශ්‍ය නම් නිවසේ රැුඳීසිටීම ද කළ යුතු බවයි.
මේ දක්වා එන්නත් සාර්ථක වී තිබෙන්නේ රෝගය වර්ධනය වීම වැළැක්වීමටයි. පැතිරීම
වැළැක්වීම සම්බන්ධයෙන් එ්වායේ බලපෑම පිළිබඳ අප මෙතෙක් කරුණු දන්නේ නැත.
අපට එ් සම්බන්ධ වැඩිදුර සාක්ෂි අවශ්‍යය. දැනට කරගෙන යනු ලබන අධ්‍යයන මගින්
ඉදිරියේදී එම ප‍්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත. එබැවින්, එන්නත ලබාගන්නා සියලූ දෙනාම
ප‍්‍රජාවේ සියලූදෙනා ආරක්ෂා කිරීමට අවශ්‍ය ආරක්ෂක ක‍්‍රියාමාර්ග අඛණ්ඩව අනුගමනය කළ
යුතුය. එනම් එන්නත් සමග අප විසින් ශාරීරික දුරස්ථභාවය, මුඛ ආවරණ පැළඳීම, සබන්
යොදා දෑත් සේදීම, වාතාශ‍්‍රය වර්ධනය කිරීම, සෙනග ගැවසෙන තැන් මගහැරීම, මතුපිටවල්
විෂබීජහරණය හා අවශ්‍ය නම් නිවසේ රැුඳීසිටීම ද කළ යුතු බවයි.

 

(ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO ) මූලාශ්‍ර ඇසුරෙනි .)

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි