නවතම පුවත්

2035 දී ක්‍ෂය රෝගය මෙරටින් තුරන් කිරීමට සැලසුම් කෙරේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

   ක්‍ෂය රෝගය , වසර 2035 වන විට මෙරටින් තුරන් කිරීමට සැලසුම් කර ඇති බව ක්‍ෂය රෝග සහ ළය රෝග මර්දනය කිරීමේ ජාතික වැඩසටහන ප්‍රකාශ කර සිටී .
මෙම වැඩසටහන යටතේ  , ක්‍ෂය රෝග මරණ 95% කින් අඩු කිරීම ඉලක්ක කර ඇති බවද එම  ජාතික වැඩසටහනේ වැඩබලන අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .
නව ක්‍ෂය රෝගීන් හඳුනා ගැනීමේ අනුපාතය වසර 2025 වනවිට 2015 සංඛ්‍යාවෙන් 90% කින් අඩු කිරීමටත් ,. වසර 2020 දී 35% කින්  ක්‍ෂය රෝග මරණ අඩු කිරීමටත්, නව  රෝගීන්ගේ අනුපාතය 20% කින් අඩු කිරීමටත් මෙහිදී  සැළසුම් කොට ඇති බවත් ඒ මහතා සඳහන් කළේය .
මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ  ඉමහත් කාර්ය භාර්යක් සිදු කරනු ලබන අතර . අලුතින් රෝගීන් හඳුනා ගැනීම මගිනුත් අලුතින් රෝගීන් ඇතිවීම වැළැක්වීම මගිනුත් මෙම ඉලක්ක සපුරා ගත හැකි බවද හේරත් මහතා මාධ්‍ය වෙත  පැවසීය . Image result for හේමන්ත හේරත්
ක්‍ෂය රෝගය පාලනය සඳහා ඇති ඉදිරි සැලසුම් පිලිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන අධ්‍යක්‍ෂකවරයා මෙසේද පැවසීය ,
. “ශ්‍රී ලංකාව,  වසර  2025 වන විට ක්‍ෂය රෝගය තුරන් කිරීමේ උපාය මාර්ගික සැලැස්මට අදාල ඉලක්ක සපුරාලීමට  බැදී සිටින අතර ලෝකයේ එම ඉලක්කය සැපිරීමේ වසර ලෙස 2035 නම් කරන ලදී. මෙහි අරමුණ ක්‍ෂය රෝගීන්ගේ සංඛ්‍යාව < 10/100000 ලෙස අඩු කිරීමටත්, ක්‍ෂය රෝග මරණ 95% කින් අඩු කිරීමටත් ,නව ක්‍ෂය රෝගීන් හඳුනා ගැනීමේ අනුපාතය වසර 2025 වනවිට 2015 සංඛ්‍යාවෙන් 90% කින් අඩු කිරීමටත් වේ. වසර 2020 දී 35%  ක්‍ෂය රෝග මරණ අඩු කිරීමටත්, නව  රෝගීන්ගේ අනුපාතය 20% කින් අඩු කිරීමටත් සැළසුම් කොට ඇත. ජාතික ක්‍ෂය රෝග සහ ළය රෝග මර්දන කිරීමේ ව්‍යාපාරය මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉමහත් කාර්ය භාර්යක් සිදු කරනු ලබයි. අලුතින් රෝගීන් හඳුනා ගැනීම මගිනුත් අලුතින් රෝගීන් ඇතිවීම වැළැක්වීම මගිනුත් මෙම ඉලක්ක සපුරා ගත හැක.
ක්‍ෂය රෝගයට ගොදුරු වී ඇතත්, පිටතට රෝග ලක්‍ෂණ නොපෙන්වන රෝගීන් පරීක්‍ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම : විශේෂිත ඉහල අවධානම් කණ්ඩායම් ක්‍ෂය රෝගය සක්‍රිය අවස්ථාවට එලඹීමට පෙර හඳුනා ගැනීම සහ රෝග වැළැක්වීමේ ප්‍රතිකාර ලබා දීමට සැළසුම් කොට ඇත. මෙම කණ්ඩායම්, HIV රෝගීන්, පෙනහළු ආශ්‍රිත ක්‍ෂය රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්, ක්‍ෂය රෝගය වැළදීම සඳහා සෞඛ්‍යමය අවධානම් සාධක පවතින කණ්ඩායම් සහ වෙනත් අවධානම් කණ්ඩායම් ඇතුලත්වේ.”
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?