නවතම පුවත්

නුගේගොඩින් හමුවූ මත්කුඩු ජාවාරම පිටුපස පොලිස් කොස්තාපල්වරයෙක්!

අසංක

අසංක

යුද හමුදා සෙබලකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සම්බන්ධකමක් ඇතිව පවත්වාගෙන ගිය මත්කුඩු ජාවාරමක තොරතුරු ගැන හෙළි කරගත් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් නුගේගොඩ ගම්සභා හංදිය ප්‍රදේශයේ නවාතැන්පොලක් තුළ කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ 5ක් සහ අයිස් කිලෝ 5ක් අත්අඩංගුවට ගැනීමට අද සමත් වී තිබේ.

එම මත්කුඩු තොගය රුපියල් කෝටි 10ක පමණ මිලකින් යුක්ත වන අතර එම ජාවාරමට සම්බන්ධ අවුරුදු 26ක් පමණ වන යුධ හමුදා සෙබළා ද අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු දැනටත් හමුදා සේවයේ සිටිනවාද සේවය අතහැර ගිය අයෙක් ද යන්න පිළිබඳව වාර්තාවක් හමුදාවෙන් ලබාගැනීමට කටයුතු කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම ජාවාරම පිටුපස පොලිස් කොස්තාපල්වරයෙක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධව ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අද සවස පිළියන්දල ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී තවත් හෙරොයින් මත්කුඩු කිලෝ තුනක් සොයාගෙන තිබේ.

එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්කුඩු දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින බඩෝවිට පදිංචිව සිටි මත්කුඩු ජාවාරම්කරුවකුට අයත් ජාලයක මත්කුඩු බවටද හෙළිවී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි