BREAKING NEWSවිශේෂාංග

Share now!

දම්පත් රණසිංහ

ගංගා ඇල දොල සහ මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී අපේ රටේ වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් මිය යන බව පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන කරුණකි.

වැඩි වශයෙන් එසේ දියේ ගිලීම් වලට ලක්වන්නේ වයස අවුරුදු 8 ත් 18 අතර පසුවන දරුවන්ය. ඒ අයගෙන්ද වැඩිම පිරිසක් පිරිමි දරුවන්ය. ඊට පසුව වැඩියෙන්ම දියේ ගිලීම් වලින් මිය යන්නේ නව යොවුන් වියේ පසුවන තරුණයින්ය.

දියේ ගිලීම්වලින් මිය යන වැඩි දෙනෙක් විනෝද චාරිකා සදහා ගොස් අනාරක්ෂිත ස්ථාන වලින් දිය නෑමටත් පිහිනීමටත් ගොස් දියේ ගිලීම් වලට ලක්වන බව පොලිස් වාර්තා පරිශිලනයේදී පෙනී යන්නේය.

වැඩි වශයෙන් දියේ ගිලීම් වලින් මරණ සිදුව ඇත්තේ අප්‍රේල් මාසයේදී බැවින් අලුත් අවුරුදු නිවාඩුව ගත කරන්නට ගම්බිම් බලා යන ජනතාව දියට බසින විට වඩාත් සැලකිලිමත් වන ලෙස ‘ද කලම්බෝ එක්ප්‍රස්’ මතක්කරන්නට කැමැත්තෙමු.

මූලාශ්‍රය: පොලිස් මූලස්ථානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment