නවතම පුවත්

ජාතික ආරක්ෂාවේ සිට අධ්‍යාපනය දක්වා විහිදුණු පාස්කු කොමිසමේ නිර්දේශ මෙන්න

අසංක

අසංක

මෙරට ජාතික ආරක්ෂාව, මැතිවරණ ක්‍රමය, අධ්‍යාපනය, මුල්‍ය කටයුතු, නීතිය පමණක් නොව විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරියට ගතයුතු පියවර පිළිබඳ ද පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

එම වාර්තාවේ පහත නිර්දේශ ද ඇතුළත් වී ඇත.

• ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතුය පරීක්ෂණ කොමිෂන් සභා විසින් මේ සඳහා යෝජනා ඉදිරිපත් කර ඇත.
• රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හැමවිටම ජනාධිපතිවරයා යටතේ විය යුතුය.
• ඔහු හෝ ඇය විදෙස් ගත වන්නේ නම් වැඩ බලන ආරක්ෂක වැඩ බලන ආරක්ෂක අමාත්‍ය වරයෙකු පත් කිරීම කිරීමට ජනාධිපතිවරයාට අනිවාර්ය කිරීම සඳහා එම ව්‍යවස්ථාවේ විධිවිධාන පැනවිය යුතුය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩබලන අමාත්‍යවරයාට තිබිය යුතුය ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා උපදෙස් දීමට වැඩබලන අමාත්‍යවරයාට බලය තිබිය යුතුය.
• ශ්‍රී ලංකාවේ සියලු ආකාරයේ ආගමික අන්තවාදය රැඩිකලීකරනය කිරීමේ අරමුණින් පුනරුත්ථාපන වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කිරීම වැදගත්ය

• පාස්කු ඉරිදා ප්‍රහාර මෙන්ම ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලු අපරාධ නඩු විභාග කිරීමට හා අවසන් කිරීමට කැපවූ මහාධිකරණ පිහිටුවීම. මෙහි දී දිනපතා නඩු විභාග කළ යුතු අතර මේ සම්බන්ධයෙන් විනිසුරුවන්ට විශේෂ රැකවරණයක් මෙන්ම පුහුණුවක් ද ලබා දිය යුතු වේ.
• ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂීඩ් හජ්ජුල් අක්බර් ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳ සලකා බැලීම.
• අබ්දුල් රාසික් ට එරෙහිව අපරාධ චෝදනා අඩු කළ හැකිද යන්න කඩිනමින් සලකා බැලීම.
• නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සහ බුද්ධි අංශ වල වැදගත් තොරතුරු ප්‍රමාදයකින් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආගමන විගමන හා මෝටර් රථ වාහන ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැනි ආයතන වල දත්ත පද්ධති ජාල ගත කිරීමට පියවර ගැනීම.
• විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන් සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා 2178 එහි ඉතිරි කොටස ක්‍රියාත්මක කළ යුතුය.
• හදිසි නීතිය පැන වීමකින් තොරව ශ්‍රී ලංකා හමුදාවේ සහාය ලබා ගැනීමට පොලීසියට හැකි වන පරිදි නීතිමය තත්ත්වයක් ඇති කිරීම. (මහජන ආරක්ෂක පනත යටතේ) ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාකාරකම් වලදී පමණක් එවැනි ආධාර ලබාගත හැකි බව සහතික කිරීම.
• ඕනෑම පොදු ස්ථානයකදී මුහුණ ආවරණය වනසේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කළ යුතුය. (වෙනත් රටවල ද එවැනිම තහනම් පනවා ඇති බව වාර්තාවේ නිදසුන් සහිතව පෙන්වා දී තිබේ)
• ආගමික හෝ ජනවාර්ගික අසමගිය ඇති කිරීමට සම්බන්ධ බවට සැක කරන කිසිදු පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා විධිවිධාන සැලසීම.
• අමුත්තන්ගේ සම්පූර්ණ හා සත්‍ය තොරතුරු ලබා ගැනීමේ අදහසින් හෝටල් ලැගුම්හල් තානායම් නිවාස සහ වෙනත් නවාතැන් පදවල ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටි මත දැඩි පාලනය තැබිය යුතුය ඇතැම් මරාගෙන මැරෙන බෝම්බකරුවන් හෝටල්වලට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට සාක්ෂි ඇතැයි වාර්තාවේ සඳහන්ය.
• හෝටල් ලැගුම්හල් තානායම් නිවාස හා වෙනත් නවාතැන්පල වල අමුත්තන්ගේ වාර්තා වසර තුනක කාලයක් සංරක්ෂණය කළ යුතු වීම එමගින් අද අනාගත අපරාධ පරීක්ෂණයක් සඳහාය ලබාගත හැකිවීම.
• නීතිපති දෙපාර්තමේන්තුව: ත්‍රස්තවාදී කරුණු සම්බන්ධයෙන්‌ කටයුතු කිරීම සඳහා ඒ වෙනුවෙන්‌ පමණක්‌ ක්‍රියාත්මක වන අභිවෝදකයන්ගේ ඒකකයක්‌ පිහිටුවීම. ඔවුන්ගේ හැකියාවන්‌ වැඩිදියුණු කිරීම සඳහා පුහුණුව ලබා දිය යුතුය. ත්‍රස්තවාදී නඩු විභාග කිරීම සහ සභාය දීම හැර වෙනත්‌ කාර්යයන්‌ කණ්ඩායමට පැවරිය යුතු නොවේ.
• නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල කාර්තුමය ගොනු සමාලෝචන ක්‍රමයක්‌ කියාත්මක කිරීම. පාස්කු ඉරිදා ප්‍රහාරය නෙක්‌ 2017 දී ත්‍රස්ත විමර්ශන අංශය විසින්‌ දුන්‌ ගොනුව කිසිදු ආකාරයක ගොනු සමාලෝචනයට යටත්‌ නොවන බව පරීක්ෂණ කොමිෂන්‌ සභාව නිරීක්ෂණය කළේය.
• වයස අවුරුදු 15 ට වැඩි සියලුම පුරවැසියන්ට සියලු දත්ත සහිත විද්‍යුත් චිපයක් සහිත හැඳුනුම්පතක් නිකුත් කළ යුතුය. මෙම විද්‍යුත් හැඳුනුම්පත සෑම වසරකම යාවත්කාලීන කළ යුතුය.
• සියලුම බුද්ධිඅංශවලට ප්‍රවේශ විය තිබිය යුතු අධ්‍යක්ෂ මණ්ඩලයට තමන්ගේම දත්ත පදනමක් තිබිය යුතු අතර ජාතික බුද්ධි යක්ෂ යක්ෂ අධ්‍යක්ෂ කාර්යාලය අනෙකුත් සියළුම බුද්ධ දත්ත පදනම් වෙත ප්‍රවේශය තිබිය යුතුය.
• ආගමික වන්දනා සිද්ධස්ථාන ලෙස භාවිතා කිරීම සඳහා කිසියම් ගොඩනැගිල්ලක් පිළිමයක් හෝ වෙනත් වස්තුවක් ඉදිකිරීම හෝ ස්ථාපිත කිරීම හෝ ඕනෑම ගොඩනැගිල්ලක් පරිවර්තනය කිරීම නියාමන කළ යුතුය .
• ජාත්‍යන්තර නිර්දේශයන්ට අනුකූලව ත්‍රස්තවාදයට මුදල් යෙදවීම සම්බන්ධ වරද ශක්තිමත් කිරීම.
• ජංගම දුරකතන සම්බන්ධතා නිකුත් කිරීම දැඩි ලෙස නියාමනය කිරීම. අනන්‍යතා තොරතුරු ලබා නොදී නැගෙනහිර පළාත සම්බන්ධතා සපයන ආයතන මගින් සිම්පත් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට සහරාන් සහ ඔහුගේ කණ්ඩායමට හැකි වූ බවට කොමිසමට සාක්ෂි ලැබී ඇත.
• මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට සංශෝධන ගෙනඒම .
• විමර්ශන අතරතුර දී අත්අඩංගුවට ගත් සාපරාධී වත්කම් අත්හිටුවීම සහ රාජසන්තක කිරීමේ පියවර ශක්තිමත් කිරීම අපරාධ වත්කම් අරමුදල් දේපල කැටි කිරීමත් අත්පත් කර ගැනීම සහ රාජසන්තක කිරීම කළමනාකරණය කිරීම සහ බැහැර කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම.
• අපරාධයක් සඳහා සැකකරුවන් නොවන පාර්ශව යන්ට පවා දේපළ රාජසන්තක කිරීම සඳහා විධිවිධාන සකස් කිරීම.
• ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අධ්‍යාපන ග්‍රන්ථවල අන්තර්ගතය ක්ෂණිකව නැවත තක්සේරු කිරීමක් කළ යුතුය .
• රටේ වයස අවුරුදු පහේ සිට 18 දක්වා සියලුම දරුවන් පිළිගත් රජයේ හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබීම අනිවාර්ය විය යුතුය.
• සියලුම ළමයින්ට දහතුන් වන ශ්‍රේණිය දක්වා ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය නොතකා අධ්‍යාපන අනිවාර්ය කරමින් අතුරු ව්‍යවස්ථාවක් පැනවිය යුතුය .
• පෞද්ගලික පාසල් වලට සියලුම ආගම්වල ඉගැන්වීම් සමීපව නිරීක්ෂණය කිරීම.
• මැතිවරණ ක්‍රමය : ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය වේ දුර්වල රජයකවේ දුර්වල රජයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සහරාන් ගී කණ්ඩායම සිතූ බවට පරීක්ෂණ කොමිෂන් සභාවට සාක්ෂි ඉදිරිපත් විය ඕනෑම මහමැතිවරණයකදී 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයකට වැඩ කරන බහුතරයක් ලබා දෙන මැතිවරණ ක්‍රමයක් කල්තියාම නිර්මාණය කළ යුතු අතර සුළුතර කණ්ඩායම් වලට නිසි නියෝජනයක් ලැබෙන බවට සහතික විය යුතුය. නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කරන ප්‍රදේශයෙන් සුළුතර කණ්ඩායම් වලට අපේක්ෂකයින් සංඛ්‍යාවක් දේශපාලන පක්ෂවලට තිබිය යුතු ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්ෂයකට බැඳීම තහනම් කිරීමත් සමග වෙන විධිවිධාන ඒකාබද්ධ කළ හැකිය .
• සෑම ඡන්ද ඡන්දදායකයකු ට තම ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම සඳහා නීති ප්‍රතිපාදන සැකසිය යුතුය එසේ කිරීමට අපොහොසත්වීම දඩයකට යටත් විය යුතුය . සහරාන් කණ්ඩායමේ සාමාජිකයන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී නොවූ බවටත් පවුලේ සාමාජිකයන්ට එසේ කිරීම වළක්වා ඇති බවටත් සාක්ෂි ඉදිරිපත් වී ඇත.
• පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ ජාවාරම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සාගර සහ ගුවන්තොටුපල සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කළ යුතුය.
• විදේශ රටවල ත්‍රස්ත සැකකරුවන් පිටුවහල් කිරීම සඳහා පියවර ගැනීමට පිටුවහල් කිරීමේ නීති ශක්තිමත් කිරීම.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි