විශේෂාංග

Share now!

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ එනවිට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙමින් ඇත . එම  කවුන්සිලය තුල ශ්‍රී ලංකාව සම්භන්ධව කටයුතු කරන කේන්ද්‍රීය රටවල් කණ්ඩායම ඉදිරි දින කිහිපය ඇතුලත මෙරටට අදාලව නවතම යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය . මේ තීරණාත්මක අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා රජය සූදානම්ද ? බැලු බැල්මට නම් එවැනි සූදානමක් අපට නම්  පෙනෙන්නට නැත .

ඒ අනුව , ශ්‍රී ලංකා රජය හෝ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  කුමක් සඳහන් කලත් , මේ මොහොතේ අදාළ නව යෝජනාව සම්භන්ධව කවුන්සිලය තුල  ජන්ද විමසීමක් පැවැත්වුණහොත් , ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම අත්වනු ඇත්තේ පරාජයයි  . පවතින සැබෑ යතාර්ථය එයයි . එම කටුක යතාර්ථය ශ්‍රී ලංකා රජය හරිහැටි අවබෝධ කරගෙන ඇත්ද යන්න සැකයකි .   නව යෝජනාවලියට මුහුණ දෙන අකාරය පිළිබඳව පවා  ශ්‍රී ලංකා රජය තම සැලසුම් සකස් කල යුත්තේද මෙම යතාර්ථය පදනම් කරගනිමින්ය .

ඇමරිකාව, ජගත් මානව හිමිකම් කවුන්සිලය හැරයයි. - Outbound Today | Latest world news

වත්මන් රජය පසුගිය වසරේ පෙබරවාරි මස අගදී , මානව හිමිකම් කවුන්සිලය තුල  මෙරටට අදාලව සම්මත වී තිබු යෝජනාවලියට අයත් ක්‍රියාවලියෙන්  ඉවත්වන බව  දැනුම් දුන්නේය  .   එය එඩිතර එහෙත් අභියෝගාත්මක තීරණයක් විය . නමුත්  එතැන් සිට එම තීරණයත් සමග   පැනනැගිය හැකි ජාත්‍යන්තර  අභියෝගයන්ට මුහුණදීමට රජය  නිවැරදිව  හා උපක්‍රමශීලීව කටයුතු  නොකළ  බවද මෙම අවස්ථාවේ කනගාටුවෙන් වුවද සිහිපත් කල යුතුමය . අද වනවිට තත්වය මෙතරම් බරපතල වී ඇත්තේද  එම නිසාය .

පසුගිය අවස්තාවන්හිදී  මෙන්ම මෙවරත් බටහිර රටවල් වල අවශ්‍යතාවන් මත , කවුන්සිලය වෙත ඉදිරිපත් කෙරෙන මෙම යෝජනාවලිය කිසිසේත්ම ශ්‍රී ලංකාවට හිතකර එකක්  නොවනු ඇත .  එය  තවදුරටත් මෙරට ස්වාධීනත්වයට ,ස්වෛරීත්වයට හානිකර යෝජනාවන්ගෙන් සමන්විතව ඇත. . එසේ සලකා  බලන කල නම්,  රටට අහිතකර වූ එවන් යෝජනාවකට විරුද්ධවී ලබන  පරාජය, ඊට පක්ෂ වී ලබන ජයග්‍රහණයට වඩා රටට සුභදායී වනු ඇත .

කෙසේ වෙතත් මෙරට  විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද  , අන්තර්ජාලය ඔස්සේ මානව හිමිකම් සැසිය අමතමින් දැඩිව ප්‍රකාශ  කලේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ප්‍රතික්ෂේප කලයුතු බවකි . ඔහුගේ ප්‍රකාශය පුරාම දැඩි , හා විවේචනාත්මක කරුණු හා වදන් රැසක් ඇතුලත්ව තිබිණ . රජය මෙම යෝජනා ප්‍රතික්‍ෂේප කිරීම පිළිබඳව විවාදයක් නැත . රජයේ එම ස්ථාවරය ධනාත්මකය , නිවැරදිය .

එහෙත් මෙලෙස  මෙම යෝජනාවලිය ප්‍රතික්ෂේපකිරීම කිරීම හරහා පමණක්  අර්බුදයට විසදුමක් ලැබේවිද ? නැත කිසිසේත්ම නැත . . වත්මන් රජය තේරුම්ගෙන නොමැති යතාර්ථයද වන්නේ  එයමය ..

දිනේෂ් ගුණවර්ධන මහතාගේ  ප්‍රකාශය තුල මෙම යෝජනාවලිය පිලිබඳ  කෙතරම් බරපතල විවේචනයක් අන්තර්ගතව තිබුනද , දිගින් දිගටම ජාත්‍යන්තරයෙන් එල්ලවන මෙවැනි බලපෑම් වලට අපගේ ප්‍රතිචාරය හා ඒවාට මුහුණ දෙන  ඉදිරි සැලසුම පිලිබඳ කිසිදු කරුණක් එහි   ඇතුලත්ව තිබුනේ නැත . එය සුවිශාල හා කැපීපෙනෙන  අඩුපාඩුවකි , දුර්වලතාවයකි .

එසේම බටහිරෙන් එල්ලවන මෙම මානව හිමිකම් චෝදනා අසත්‍ය බවට රජය දිගින් දිගටම ප්‍රකාශ කලද , ඒවා එලෙස  අසත්‍ය චෝදනා  බවට  ඔප්පු කර, තහවුරු කර  පෙන්වීමට කිසිදු සාර්ථක හා විධිමත් පියවරක් මෙතෙක් රජය  ගෙන ඇති බවක්ද පෙනෙන්නට නැත .  විදේශ අමාත්‍යවරයා මෙවර ඉදිරිපත් කල  ප්‍රකාශය තුලද  එවැනි පියවරක සේයාවක් හෝ දක්නට  නොමැත .Foreign Minister Dinesh Gunawardena's Speech At UNHRC - Full Text - Colombo Telegraph

බටහිරෙන් එල්ලවන විවිධාකාර මානව හිමිකම් හා යුධ අපරාධ චෝදනාවන්ට සාර්ථක පිළිතුරක් ලබාදීමට දිනේෂ් ගුණවර්ධන මහතාත් වත්මන් රජයත් මෙවරද .අපොහොසත්වී ඇති අතර  එය රටක් රජයක් වශයෙන් මෙන්ම විදේශ අමාත්‍යවරයෙකු  ලෙසද වගකීම් පහර හැරීමකි , අවස්ථාවන්  මග හැරීමකි .

බටහිර රාජ්‍යයන් දිගින් දිගටම ,  ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන  යෝජනාවන්ට පදනම් කරගන්නේ , 2011 වසරේදී එළිදැක්වුණු ” දරුස්මාන් ”  වාර්තාවය . එම වාර්තාව  පිරී ඇත්තේ තහවුරු නොකළ , විමර්ශනය නොකළ  තොරතුරු හා දත්ත වලිනි .   ඒ අනුව නිවැරදි උපායයන් හා රාජ්‍යතාන්ත්‍රික පියවරයන් හරහා එම දරුස්මාන් වාර්තාව නිශේධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුය  , නමුත් තවමත් එවැන්නක් සඳහා රජය  විධිමත් ලෙස එළඹ නොමැත . උදාහරණ කිහිපයක්  ඇසුරින්ම මෙම කරුණ තවදුරටත්  පැහැදිලි කර දිය හැක ,

පසුගිය යුධ සමයේ ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 කට අධික පිරිසක්  ඝාතනය වූ බවට  මෙම දරුස්මාන් වාර්තාව මගින්   චෝදනා නගා  ඇත , නමුත් එම චෝදනාව අසත්‍යයක් බවට තහවුරු කර පෙන්වීම සඳහා භාවිතා කල හැකි , දත්ත හා තොරතුරු වාර්තා රැසකි . ඒවායින් බොහොමයක් වාර්තා බටහිර රටවල් විසින්ම නිකුත් කරන ලද , සම්පාදනය කරන ලද ඒවාය  .

යුධ සමය තුල මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිතවරයා ලෙස කටයුතු කල ලුතිනන් කර්නල් ගෑෂ් , එරට රජය වෙත එකල සුවිශේෂී වාර්තාවක් යොමු කළේය . එහි අන්තර්ගත වූයේ එවකට මෙරට පැවතී යුධ ගැටුම් පිලිබඳ දත්ත හා සංඛ්‍යා ලේඛන ය .

එම යුධ සමය තුල මෙරට ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක ප්‍රමාණයක් ඝාතනය නොවුණු බව එම වාර්තාවේ පැහැදිලිවම දැක්වේ .බ්‍රිතාන්‍යයේ නෙස්බි සාමිවරයා එම වාර්තාව තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත යටතේ ලබාගෙන එරට පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියට පත්කළේය . එම වාර්තාව හරහා දරුස්මාන් වාර්තාව සම්පූර්ණයෙන්ම නිශේධනය වේ . නමුත් කනගාටුවට කරුණ වන්නේ  එම වාර්තාව මෙරටට ගෙන්වාගැනීමට හෝ  ඒ පිළිබඳව ජගත් මානව හිමිකම් සැසිය තුල  විස්තරාත්මකව ප්‍රකාශ කිරීමට හෝ අපගේ නායකයින්  මෙතෙක් නිසි  පියවරක්  ගෙන නොතිබීමය .

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය 2008 වසරේ සිට පුරා අවුරුද්දක කාලසීමාවක් සිදු කල සමීක්ෂණයක  වාර්තාවක් 2009 වසරේදී එළිදැක්වින  , රතු කුරුස සංවිධානයද සමග එක්ව නිකුත්කළ  මෙම සමීක්ෂණ වාර්තාව හරහාද , එම යුධ සමය තුල මෙරට ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක් ඝාතනය නොවූ බව තහවුරු වේ .

කර්නල් ගෑෂ්ගේ වාර්තාවේ මෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවේද දැක්වෙන්නේ එම සංඛ්‍යාව 7000 කට අඩු බවය . ඒ අතරින්ද මියගිය විශාල පිරිසක් ත්‍රස්තවාදීන් වන බව මෙම වාර්තා දෙකෙහිම පැහැදිලිව දක්වා ඇත .

2011 වසරේ ජූනි මසදී  කොළඹ  පැවති ආරක්ෂක සමුළුවකට  එක්වෙමින් ඇමරිකානු තානාපති කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශකවරයෙකුද පැහැදිලිවම ප්‍රකාශ කර සිටියේ මෙරට යුධ අරගල සමයේ 40000ක පමණ  සිවිල් වැසියන් සංඛ්‍යාවක් කිසිසේත්ම  ඝාතනයට ලක්නොවූ බවයි .  රජයේ හමුදාවට භාරවන පුද්ගලයින් ඝාතනයට ලක්නොවුණු බවද ඔහු එහිදී අවධාරණය කළේය .මෙම ප්‍රකාශය පිලිබඳවද  නිල  වාර්තා පවා  තවමත් ඇත ,යුද අපරාධ චෝදනා: "යෝජනා ඉටු කිරීම රණවිරුවන්ට ද්‍රෝහී වීමක් නොවේ" - BBC News සිංහල

නමුත්ඉහත දැක්වූ කිසිදු වාර්තාවකින් හෝ දත්තයකින් නිසි ප්‍රයෝජන ගැනීමට මෙරට පාලනය කල කිසිදු රජයක් පියවර ගෙන නොමැත , මෙම වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කොට ඊට අදාළ තර්ක නිසි අයුරින්  ගොඩනැගීමට අපගේ බලධාරීන් කටයුතු කලේ නම් දරුස්මාන් වාර්තාව සම්පූර්ණයෙන්ම හිස් ලියවිල්ලක් බවට පත්කිරීම අපහසු නොවනු ඇත . නමුත් මීට  පෙර  වාරයන්හීදී මෙන්ම  මෙවරත් එම අවස්තාව අපගේ රජය විසින් පැහැර හැරියේය, අතපසුකළේය .

අපගේ විදෙස් අමාත්‍යංශයේ සැලසුම් හා විධික්‍රමයන්හි දුර්වලතාවය පෙන්වාදීමට තවත් සරල උදාහරණයක් දැක්විය හැක .  දරුස්මාන් වාර්තාවේ 23   වන පිටුවේ පැහැදලිවම දැක්වෙන්නේ  ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා  නැගූ  කිසිවකු සම්භන්ධව,  වසර විස්සක්  යනතුරු කිසිදු විමර්ශනයක්  නොකල යුතු බවයි . ඒ අනුව මෙරටට එරෙහි කිසිදු චෝදනාවක් 2031 වසර දක්වා විමර්ශනය කොට  අවසන් කල  නොහැක , නමුත් බටහිර රටවල් රාශියක්ම මේ වනවිටත් අපට එරෙහිව විවිධ දඩුවම් පවා ලබාදීමට ඉදිරිපත්ව ඇත .

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාවට ඇතුළුවීම වළකාලමින් නියෝග නිකුත් කර ඇත , හිටපු  හමුදාපති  ෆීල්ඩ් මාර්ෂල් සරත්  ෆොන්සේකා මහතාටද පසුගිය රජය සමයේ ජගත් සංවිධාන සැසියකට පවා සහභාගිවීමට අවස්තාව නොලැබිණ . මෙලෙස  අපගේ තවත්  හමුදා නිලධාරීන් රැසකටම  එරෙහිවද   බටහිර රටවල් මෙවැනිම  තහනම් නියෝග නිකුත් කර ඇත . නමුත් එසේ තහනම් නියෝග නිකුත්  කරනුයේ කුමන විමර්ශනයන් යටතේ වූ කුමන  චෝදනා යටතේද යන්න අප නිසි ලෙස ජගත් මානව  හිමිකම් කවුන්සිලය හමුවේ ප්‍රශ්න කර ඇත්ද ?

ඒ අනුව ශ්‍රී ලංකාව හමුවේ ඇති මෙම  ජිනීවා අභියෝගය ජයගැනීමට ඇති සුදුසුම පියවර බටහිර බලවතුන් සමග ජන්ද සටන් වලට යාම නම් නොවේ . රජයක් ලෙස  , රටක් ලෙස අප  මේ මොහොතේ මෙම ගැටළු එකින් එක ගෙන නිවැරදිව කළමනාකරණය කල යුතුය .  මුලින්ම අප අපගේ පාර්ශයෙන් සිදුවී ඇති අඩුපාඩු හඳුනාගෙන ඒවා  නිවැරදි කර ගත යුතුය  එනම්  මෙරට  මානව හිමිකම් තත්වය ශක්තිමත් කරගැනීමත් , වගවීම හා ප්‍රතිසංධානය වෙනුවෙන් ගත හැකි සාධනීය පියවරයන් වෙත අවන්කවම යොමුවීමත්ය .

ඉන් අනතුරුව  බටහිර රාජ්‍යයන් විසින් එල්ල කරන මෙම  පදනම් විරහිත යුධ අපරාධ හා මානව හිමිකම් චෝදනා නිෂ්ප්‍රභා කල යුතුය . නිශේධනය කල යුතුය .  අවංක උවමනාවකින් කැපවීමකින් හා  ඉදිරි දැක්මකින් යුතුව කටයුතු කරන්නේනම් , ඒ සඳහා අවශ්‍ය දත්ත ,වාර්තා , තොරතුරු සාක්ෂි   ඕනෑතරම් ඇත . ඒ අනුව එම තොරතුරු හා සාක්ෂි මත පදනම්ව , ඒවා  නිවැරදිව උපයෝගී කරගනිමින් , අපගේ රාජ්‍යයයේ   නිර්දෝෂීභාවය ජාත්‍යන්තරය  ඉදිරියේ තහවුරු කර පෙන්වීමට , මෙම ජගත් මානව හිමිකම් කවුන්සිල  සැසිවාරයන්ම ,අපට  වේදිකාවක් කරගත හැකිවනු ඇත ..

 

( පැතුම් වික්‍රමරත්න ) 

[email protected] 

.

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment