නවතම පුවත්

හෙරොයින් සමඟ ඇල්ලූ හමුදාවේ කණ්ඩායම මීට පෙරත් මත්කුඩු ඇදලා

අසංක

අසංක

හොරණ ප්‍රදේශයේදී මත්කුඩු කිලෝ හතලිස් පහක් සමඟ අත්අඩංගුවට ගත් හමුදාවේ කණ්ඩායම මීට පෙරත් මත්කුඩු මේ ආකාරයට යු.හ. අංක තහඩු යටතේ අද අත්අඩංගුවට ගනු ලැබූ වෑන් රථයෙන්ම ප්‍රවාහනය කළ බවට තොරතුරු ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී තිබේ.

ඒ අනුව මීට පෙර අවසාන වරට හෙරොයින් තොගයක් ප්‍රවාහනය කර ඇත්තේ කඩුවෙල ප්‍රදේශයට බව ඔවුන් පවසා ඇත.

ඒ වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 80,000ක් ද අනෙක් පුද්ගලයාට රුපියල් ලක්ෂයක්ද වශයෙන් මුදල් ලැබී තිබෙන බවද විමර්ශනවලදී හෙළිවී ඇත.

මෙම මත්කුඩු කිලෝ 45 ප්‍රවාහනය වෙනුවෙන් විශාල මුදලක් ගෙවන බවට පොරොන්දු වී තිබී ඇති බව සඳහන්ය.

මෙම හෙරොයින් මත්කුඩු තොගය වැලිගම ප්‍රදේශයට ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රැගෙනවිත් ඇත.

අනතුරුව කිසියම් ගැණුම්කරුවෙකුට මෙම තොගය ලබාදීමට සූදානම් වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි