නවතම පුවත්

ඇල්ටෙයාර් බහුමහල් නිවාස ව්‍යාපෘතිය හෙට විවෘත වෙයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) දින සවස 5.00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන අයගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය

ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා ප්‍රකාශ කර සිටී

විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණ උදෙසා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2017 වසර තුළදීය .

නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ දී මෙහි වැඩ අතරමඟ නැවතුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීම නිසා යළි මෙහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කර එහි පළමු අදියර මෙසේ විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා පෙන්වා දේ ..

අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ දී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය ..

ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා ප්‍රමුඛ කමිටුවක් පත්කළ අතර වසර 05 ක කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සහ ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කර අවසන් කිරීමෙන් පසු වසරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිමවා අවසන් කෙරුනි ..

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් ලබා දුන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර මුදල් වියදම් කර තිබෙන නිවාස හිමියන්ට එම නිවාස ලබාදීමට කටයුතු කරන ලෙසය

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතය.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල නමින් හැඳින්වෙන මෙම නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්, නැගිටීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරෙ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබෙ

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 ක්.

මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විතය

ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වේ.

මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි.

සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ.

ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි.

අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

සින්නක්කර විකුණුම් පදනම් මත ලබා දෙන නිවාසවල මිල පිළිබඳව තවමත් අවසන් නිගමනයකට පැමිණ නැත.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?