නවතම පුවත්

හම්බන්තොට වරායෙන් නෞකා සඳහා ඉන්ධන තොග වශයෙන් සැපයීම අරඹයි

අසංක

අසංක

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාවන්හී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛ පෙළේ ගෝලිය ක්‍රියාකරුවෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගමේ මෙරට නියෝජිත සමාගම වන සයිනොපෙක් ලංකා සමාගම (SFOL) සමඟ හවුල් වී වරාය සතු එම්.වී කුමන (m.v Kumana) ඉන්ධන යාත්‍රාව හරහා ඉන්ධන තොග වශයෙන් සැපයීම පසුගියදා ආරම්භ කරන ලදි.

IMO 2020 හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO), මිළඳි ගත් ප්‍රථම ගැනුම්කරු බවට පත් වෙමින් වෙළෙඳ නෞකා සඳහා ඉන්ධන සැපයීමේ වෙළෙඳපොල ප්‍රමුඛ‍යා වන ලංකා මැරීන් සර්විසස් සමාගම (LMS), හම්බන්තොට වරායේද සහය ඇතිව, තම සේවාදායකයා වූ, ඉන්දියාවේ චෙන්නායි සිට සූවස් දක්වා යාත්‍රා කරමින් තිබූ එම්.වී සූවස් හාන්ස් (m.v. Suez Hans) නැමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව වෙත ඉන්ධන සපයනු ලැබීය .

මෙහෙයුම පිළිබඳ අදහස් දක්වමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, තිස්ස වික්‍රමසිංහ මහතා පැවසූවේ මෙය ශ්‍රී ලංකාවේ වරායන්ට සහ කාර්යබහුල නැගෙනහිර-බටහිර නැව් මාර්ගයේ ගමන් කරන යාත්‍රා සඳහා ඉන්ධන සපයන මෙරට සියලුම බලපත්‍රලාභී ඉන්ධන සැපයුම්කරුවන්ට අගනා අවස්ථාවක් බවයි. ‘එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවලින් නාවික ඉන්ධන තෙල් ආනයනය කිරීම හා වරායෙන් පිටත වරායන් වෙත සැපයීම සඳහා පමණක් සීමා කොට තිබූ නැව් වලට ඉන්ධන සැපයීමේ කර්මාන්තය, මෙම මෙහෙයුම් හරහා ප්‍රථම වතාවට සයිනෝපෙක් ඔයිල් සමාගමට IMO 2020 හෙවත් අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් අපනයනය කිරීමට අවස්ථාව උදා විය නැව් වලට ඉන්ධන සැපයීමේ කර්මාන්තය වෙත නව මානයන් ගෙන එමින්,කලාපීය වෙළෙදපොළ තුල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

‘සියලු දේශීය ව්‍යාපාරිකයන් සඳහා සාධාරණ මිලකට අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් සැපයීම හරහා, ව්‍යාපාරිකයන් සිය ගෝලීය සේවාදායකයින් ශ්‍රී ලංකාවට ගෙන එනු ඇත. අප 2020 අප්‍රේල් මාසයේදී අඩු සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් ටොන් 25,000 ක් හම්බන්තොට වරාය වෙත ආනයනය කළ නමුත් කෝවිඩ් වසංගතය හේතුවෙන් වරායට ඉන්ධන මෙහෙයුම් ආරම්භ කිරීමට නොහැකි විය. නමුත් මෙහෙයුම් දැන් නැවත සක්‍රීය කර ඇති හෙයින්, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයක් සැපයීමට අපි සූදානම් ”යැයි තොග වෙළඳාම, අපනයනය සහ හම්බන්තොට වරාය හරහා ඉන්ධන මෙහෙයුම් සිදු කිරිම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා ඇති සයිනොපෙක් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරි ටාවෝ ලියු පවසයි.

ලොව විශාලතම ඉන්ධන සැපයුම් සේවා සපයන්නෙකු සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඇති කරගත් හවුල්කාරිත්වය තුළින් වරාය තම ගනුදෙනුකරුවන්ට සාධාරණ පිරිවැයකට, උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ ආරක්ෂිත සේවාවන් සපයනවා පමණක් නොව, දකුණු ආසියාවේ ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය ස්ථාපිත කිරීමේ ඉලක්කය කරාද ගෙන යනු ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි