නවතම පුවත්

ASP එරික් පෙරේරා මීගමුවට මාරු කෙරේ

අසංක

අසංක

තමා රාජකාරි කළ ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක් ව පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලද වෙන්නප්පුව සහ දංකොටුව භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාට මීගමුව භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස මාරුවීම ලබාදී තිබේ.

ඊට අදාළ නියෝගය අද පොලිස් මූලස්ථානය විසින් නිකුත් කර ඇත.

නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් හේතුකොටගෙන ඔහු මෙලෙස ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ උදහසට ලක්ව තිබුණි. පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව කළ සලකා බැලීමකට අනුව මීගමුව භාරව පත්කිරීමට යෝජනා වී තිබුණි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේද අනුමැතිය ද මීට හිමිව තිබේ.

මීගමුව ප්‍රදේශයේ දේශපාලනඥයන්ද මෙම නිලධාරියා මීගමුව භාරව පත් කිරීම සම්බන්ධයෙන් සතුට පළ කර තිබීම විශේෂත්වයකි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි