නවතම පුවත්

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම පිළිබඳව ව්‍යාපෘති සමාගමේ ප්‍රසාදය

port-city-colombo
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන CHEC පෝට් සිටි කලම්බු (පුද්.) සමාගම සිය ප්‍රසාදය පළකර සිටියි. මෙය ශ්‍රී ලංකාවට වැඩි සෘජු විදේශ ආයෝජන රැගෙන එන පියවරක් වනු ඇති බවට විශ්වාසය පළකරන එම සමාගම, මෙම විශේෂ ආර්ථික කලාපය, විශේෂයෙන් යටිතල පහසුකම් ඉලක්ක කරගත් ජාත්‍යන්තර ව්‍යාපාර හා සේවා කේන්ද්‍රයක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

‘කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත’ මගින් වරාය නගරය තුළ බලපාන මූලික නීතිමය රාමුව සකස් වනු ඇති අතර, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා හිතකර හා තරගකාරී පසුබිමක් සකස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේෂ ආර්ථික කලාප ඔස්සේ නාගරික සංවර්ධනය සිදුකිරීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවන අතර, ලොව පුරා සාර්ථක විශේෂ ආර්ථික කලාප රාශියක් පිහිටුවා ඇත. විශේෂ ආර්ථික කලාප මගින්, සුදුසුකම් ලබන ව්‍යාපාර සහ පුද්ගලයන්ට විවිධ ආකාරයේ බදු සහන ලබාදෙනු ලැබේ. එමෙන්ම ඒවායෙහි වඩාත් ඉහළ මට්ටමේ යටිතල පහසුකම් පවතින අතර, ව්‍යාපාර කටයුතු වලදී වැඩි පහසුවක් ලබාදෙන කාර්යක්ෂම පරිපාලන ක්‍රියාවලිද ක්‍රියාත්මක වේ. යටිතල පහසුකම්, මානව ප්‍රාග්ධනය සහ ආයතනික වැඩරාමු වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම, සමස්තයක් ලෙස රට තුළ ක්‍රියාවට නැංවීමට පෙර ප්‍රතිපත්ති සහ ඒවායෙහි බලපෑම් පරීක්ෂා කිරීම සඳහාද මෙවැනි ආර්ථික කලාප දියුණු වන රටවලට බෙහෙවින් වැදගත් ය.

මැනැවින් ස්ථානගත කරන ලද විශේෂ ආර්ථික කලාපයක් මගින් සම්පත් හා හැකියාවන් වැඩිදියුණු කරමින්, සම්පත් භාවිතයේදී මතුවන විවිධාකාර වූ බාධාවන් අවම කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවස්ථාව ලැබෙන අතර, වඩාත් විශාල පරිමාණයෙන් හෝ සමස්තයක් ලෙස රට තුළ ක්‍රියාත්මක කිරීමේදී දැරීමට සිදුවන වියදම් අවම කරගැනීමටද හැකි වේ. සාර්ථක ලෙස ක්‍රියාත්මක වන විශේෂ ආර්ථික කලාපයක් යනු, අදාළ රට ව්‍යාපාර කටයුතු සඳහා විවෘත බවට පැහැදිලි සංඥාවකි.

සාගරය ගොඩකිරීම ඔස්සේ ඉදිකරන ලද හෙක්ටයාර 269 ක් වූ වරාය නගර භූමියේ ලොව දියුණු රටවලට සමාන පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙය කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් මගින් ඇතිකිරීමට අපේක්ෂා කරන, ව්‍යාපාර වලට හිතකර පරිසර නිර්මාණය කිරීමට පැහැදිලිවම උපකාරී වන සාධකයක් වනු ඇත. එමගින් මූල්‍ය හා මානව ප්‍රාග්ධනය ගලා ඒම, දේශීය හා විදේශීය ව්‍යවසායකයන්ට වඩාත් හොඳින් තම ව්‍යාපාර කටයුතු සිදුකළ හැකි වීම, රැකියා අවස්ථා නිර්මාණය වීම සහ දක්ෂයන් රඳවා ගැනීමට හැකිවීම යනාදී ප්‍රතිලාභ රාශියක් හිමිවනු නිසැක ය. එමෙන්ම ජාත්‍යන්තර සමාගම් තම ප්‍රධාන කාර්යාල හෝ කලාපීය කාර්යාල වරාය නගරය තුළ ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒත් සමග ඔවුන් මූල්‍යමය සම්පත්, තාක්ෂණය, මෙන්ම තාක්ෂණික හා කළමනාකරණ දැනුමද රැගෙන එනු ඇත.

මෙම විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හේතුවක් වනු ඇතැයි වරාය නගර ව්‍යාපෘතිය විශ්වාස කරයි. ප්‍රධාන සැලසුමට අනුව වරාය නගරයේ ඉදිකිරීම් සඳහා වර්ග මීටර් මිලියන 5.7 ක ඉඩක් වෙන්වන අතර, එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 කි. ජාත්‍යන්තර ව්‍යාපාර, ආයතනික ප්‍රධාන කාර්යාල, මෙම ආයතන වල සේවය කරන්නන් මෙන්ම අනෙකුත් පදිංචිකරුවන් සඳහා මෙම ඉඩකඩ වෙන්වනු ඇත. මේ සියල්ල ඔස්සේ වරාය නගරය අතිනවීන සේවා කේන්ද්‍රයක් බවට පත්වනු ඇති අතර එය ශ්‍රී ලංකාවට සේවා මුල්කරගත් වර්ධන ආකෘතියක් වෙත පරිවර්තනය වෙමින්, ඉහළ ආදායම් ලබන මට්ටම දක්වා ආර්ථිකය වර්ධනය කරගැනීමට මහෝපකාරී වනු නිසැක ය.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි