නවතම පුවත්

පන්නිපිටියේ යකා නැටූ රථවාහන පොලිස් නිලධාරියා අත්අඩංගුවට

අසංක

අසංක

රිය අනතුරක් සම්බන්ධයෙන් රියදුරු සමග උරණ වී එම රියදුරාට දොනෝදාහක් බලා සිටියදී පන්නිපිටියේදී අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අද (29) පෙරවරුවේ මෙම පහරදීම සිදුව ඇත්තේ හයිලෙවල් මාර්ගයේ දී අධික රථවාහන තදබදයක්ද පැවතියෙදීය.

රියදුරාව උස්සා පොලොවේ ගසා ඔහුගේ සිරුරමත නැග පාගමින් එම අමානුෂික ප්‍රහාරය එල්ලවී ඇත.

එම පහරදීම ජංගම දුරකතනයකින් පටිගතකරන ලද පුද්ගලයෙක් එය සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් මෙම අමානුෂික ක්‍රියාව යටපත් කිරීමට පොලීසියට හැකියාව ලැබී නැත.

මෙසේ පොලීසියේ අමානුෂික ප්‍රහාරයකට ලක්ව ඇත්තේ නුවරඑළියේ සිට කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ රියදුරෙකි.

එම රියදුරාට පහරදෙන පොලිස් කොස්තාපල්වරයා මිරිහාන පොලීසියට අනුයුක්තව මාස හතරක කාලයකට මහරගම පොලීසියේ රථවාහන රාජකාරිය සදහා යොදවා ඇති අයෙකි.

පොලීසිය පැත්තෙන් සදහන් කරන ආකාරයට අනුව එම පහරදීම සිදුව ඇත්තේ පන්නිපිටියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛත්‍රීපාල නිලධාරියාව එම ලොරි රථයේ ගැටී අණතුරට ලක්වීමය.

මාර්ගයේ මැද දූපත් කොටසේ රැදී සිටි පොලිස් පරීක්ෂකවරයාව ලොරියේ ගැටීමත් සමග උරණ වූ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා ලොරි රථයේ රියදුරාව වාහනයෙන් පිටතට ගෙන උස්සා පොලොවේ ගසා ඔහුගේ සිරුර මතට පැන පාගා තිබේ. එහිදී පොලිස් නිලධාරියා එම පුද්ගලයාගේ ඇග මතටද වැටී ඇත.

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය වීමත් සමග එය දුටු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇත්තේ වහාම එම නිලධාරියාගේ වැඩ තහනම්කර විධිමත් පරීක්ෂණයක් කරන ලෙසය. ඒ අනුව පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ලොරි රථයේ රියදුරා එම පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් අනවශ්‍ය යැයි පවසන බවත් අනතුරට ලක්වුණු පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පොළොන්නරුවේ පදිංචිකරුවෙක් වන රිස්මිඩීන් නැමැත්තෙකි. හෙට (30) ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පෙර පුවත
රියැදුරෙක් බිම දා ඇඟට පැන්න පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්