නවතම පුවත්

දික්කසාදය හරස් වී විවාහක රූ රැජිණ කිරුළ ගැලවෙයි

අසංක

අසංක

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ අවසන් තරඟය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ රාත්‍රියේ අවසන් වූයේ උණුසුම් තත්ත්වයක් ඇති කරමින් කිරුළ පැළඳූ සැණින් එය ගලවා වෙනත් අයකුට කිරුළ පැළඳීමෙනි.

ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගි වීම වෙනුවෙන් තෝරාගන්නා ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස අවසන් තරඟයේදී තෝරාගනු ලැබුවේ මින් පෙරද වරක් එම කිරුළම හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය‍යි.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණට කිරුළු පලදවන ලද්දේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණක ලෙස 1973 කිරුළ හිමිකරගත් වත්මන් අගමැති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය විසිනි.

කෙසේ නමුත් ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමෙන් අනතුරුව සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේය.

ඒ මෙම තරඟයේ දී තරගකාරියක වීමට මූලික සුදුසුකම වන විවාහක කාන්තාවක විය යුතුය යන්න ඇය විසින් උල්ලංඝනය කර ඇතැයි පැවසීමයි. ඒ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි.

සභාවෙන් ඒ පිළිබඳ ඝෝෂාවක් හටගත් අතර ඒ සමගම වත්මන් ලෝක විවාහක රූ රැජන වන කැරලයින් ජූරි වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද අයකු බැවින් තරඟ නීතියක් මෙන්ම මූලික සුදුසුකමක් උල්ලංඝනය වී ඇති නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බව ය.

ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරිය ට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය. පුෂ්පිකා ද සිල්වා වේදිකාවෙන් ඉක්මනින් බැස ගියාය.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත. නමුත් එම තීරණය සම්බන්ධයෙන් පවතින නිත්‍යානුකුල තත්ත්වයක් ඇත.

විවාහක රූ රැජිණ තරඟයකදී සෑම තරඟකරුවෙක්ම ගිවිසුමක් අත්සන් කළ යුතුය.

ඒ ගිවිසුම අත්සන් කරන දිනයට සියලු සුදුසුකම් පරීක්ෂා කරනු ලබන අතර එහිදී උප්පැන්න සහතිකයේ සිට විවාහ සහතිකය දක්වා සියලුම දේ පරීක්ෂා කෙරේ.

මේ කටයුත්ත තරඟයේ මුල් අවස්ථාවේදී සිදුවන්නකි. ඒ අදාල ගිවිසුම අත්සන් කරන දිනයේදී එම නීති රීති පිළිබඳවත් දැනුවත් කරයි.

ඒ සම්බන්ධයෙන් තරඟකාරියන් දැනුවත් කිරීම අදාල ජාතික අධ්‍යක්ෂවරයාගේ වගකීමක් වන අතර ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිදු අවස්ථාවක කිසිඳු තරඟකාරියකට නියමිත සුදුසුකම් සපුරා නොමැති නම් ඉදිරියට යා නොහැක.

සුදුසුකම් සපුරා නොමැති අවස්ථාවකදී තතරඟකාරියක ලෙස තවදුරටත් ඉදිරියට යාමට නම් අදාල ජාතික අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ දැනුවත් විය යුතුය.

එසේ නොමැති නම් කුමක් හෝ හේතුවක් මත ඔහු ඒ බව සඟවා වංචනික අරමුණින් ඇයව ඉදිරියට ගෙන යා යුතුය.

ඒ වගේම තරඟය අතරතුර විනිශ්චය මණ්ඩලයට වරද නිවැරදි කිරීමේ හැකියාව සහ කාලය පවතී. තරඟකාරිය අදාල පාර්ශව වෙත බොරු තොරතුරු ලබා දීමෙන් හෝ අදාල වගකිවයුතු පාර්ශව එය බොරුවක් බව දැන සිටියත් එය සඟවා තබා ගැනීමෙන් දෙපාර්ශවයෙන්ම සිදුවී ඇත්තේ වංචාවකි.

කෙසේ වෙතත් මේ තරඟය තුල තරඟ වැදීමට පුෂ්පිකාට බාධාවක් නොමැති නමුත් ඇයව අවසානයේදී රූ රැජිණ බවට පත් කිරීමේදී අදාළ විනිශ්චය මණ්ඩලය මේ තීරණය අදාල නීති රීති වලට අනුකූලද යන්න අනිවාර්යයෙන් සැලකිය යුතුය.

පුෂ්පිකා මීට පෙර ද මෙම තරගයට ඉදිරිපත් වූ කාන්තාවකි.

කැරලයින් ජූරි යනු වත්මන් ලෝක විවාහක රූ රැජින වන අතර තරඟයේ තරඟකාරියන්ගේ සුදුසුකම් පරීක්ෂාව ඇය විසින් නොකළ යුතු නමුත් තමා නියෝජනය කළ රටෙහි තමාගෙන් පසු සිදුවන නියෝජනය නීති උල්ලංඝනයකින් තෝරා පත් කර ගත් විට, ඇය ඇයගේ කිරුළේ වත්මන් භාරිකාරිත්වය භාවිතා කර ඒ සිදුවූ වරද නිවැරදි කළ බව කැරලයින් ජූරි ගේ පාර්ශවයෙන් පැවසෙන හේතුවයි .

තරග නිති නීතිරීති උල්ලංඝනය කළ තරගකාරියක තේරී පත්වීමෙන් අවසානයේ සිදුවිය හැක්කේ ලෝක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් පසු එම තරගයෙන් ඉවත්වී ‍‍යාමට සිදුවීම ය.

පුෂ්පිකා ද සිල්වා කිරුළ හිමි කර ගත් අවස්ථාව

kirula ගලවන අවස්ථාව

දෙවන තරගකාරී කිරුළ හිමිකර ගැනීම

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?