නවතම පුවත්

කොවිඩ් එන්නත “ෆේල්”ද ? – නවතම දත්ත විශ්ලේෂණය මෙන්න ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන  අන්දමට, මේ වනවිට ලොව පුරා කොවිඩ් ව්‍යාප්තිය පෙර නොවූ විරූ ලෙස වේගවත් වී ඇත . එම සංවිධානයේ  සංඛ්‍යාලේඛනයන්ට අනුව නම් ,  ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් සතියක් තුළ අළුතින් හඳුනාගැනෙන කොරෝනා ආසාදිතයින් ගණන, පසුගිය මාස 02 ක කාලය තුළ දෙගුණයකින් ඉහළ ගොස් ඇත.

මෙහි ඇති සුවිශේෂී කරුණ වන්නේ , මෙවැනි කොවිඩ් ව්‍යාප්තියක් ලොව තුල මතුව ඇත්තේ , කොවිඩ් එන්නත්කරණ වැඩසටහනද ලොවපුරා සීග්‍ර ලෙස ක්‍රියාත්මකවෙමින් පවතින අවස්තාවකදී  වීමය .

එසේනම් කොවිඩ් එන්නත්කරන වැඩසටහන අසාර්ථකද ?  කොවිඩ් එන්නතට , එම වෛරසය පාලනය කල නොහැකිද ?

මේ මොහොතේ අප කොයි කාගේත් සිත් තුල නිතැතින්ම  මතුවන ප්‍රශ්න කිහිපයකි ඒ ,

එම  අතිශය වැදගත් හා තීරණාත්මක ප්‍රශ්නවලට  නිවැරදී හා නිශ්චිත  පිළිතුරු  ලබාගැනීමටනම් , වත්මන්  ගෝලීය එන්නත්කරන වැඩසටහන පිලිබඳව මෙන්ම  කොවිඩ් ව්‍යාප්තියටද  අදාළ නවතම දත්ත වාර්තා හා සංඛ්‍යාලේඛන , විශ්ලේෂණය කර බැලීම අත්‍යාවශ්‍යය .

(එන්නත්කරන වැඩසටහනේ සාර්ථකත්වය අනුව ලොව හොඳම රටවල් 14 පහත දක්වා ඇත) 

 

 

මේ වනවිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන වඩාත්ම සාර්ථකව ක්‍රියාත්මක කර ඇති රට වන්නේ ඊශ්‍රායලයයි .

එරට ජනතාවගෙන් 60% කට මේ වනවිට කොවිඩ් එන්නතෙන් එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත . එලෙස එන්නත් ලබාදී ඇති පුද්ගලයින් ගණන   10,307,583කි . එසේම එන්නත් මාත්‍රා දෙකම ලබාදී , එන්නත්කරණය සම්පූර්ණ කර ඇති ප්‍රමාණය මුළු ජනගහනයෙන් 56% කි . සාමාන්‍යයෙන් රටක එන්නත්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය මැන  බලනුයේ  පුද්ගලයින් සියයක් අතුරින්  , එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව අනුපාතයක් ලෙස  සලකා බලාය . ඒ අනුව ඊශ්‍රායලයේ පුද්ගලයින් 100ක් සළකා බැලූ විට 116 ක අගය ඉක්මවා එන්නත්කරණය කර ඇත .

දැන් අප එරට කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සළකා බලමු ,

මේ වනවිට ඊශ්‍රායලයේ කොරෝනා ව්‍යාප්තියද කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත . එදිනෙදා හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ  වනවිට  200 ට අඩු මට්ටමකට පැමිණ ඇති අතර පසුගිය ජනවාරි මස තුල එම සංඛ්‍යාව පැවතියේ දස දහසේ සීමාවද ඉක්මවාය . ඒ අනුව එරට  එන්නත්කරණ වැඩසටහනේ ව්‍යාප්තියද සමග කොරෝනා ව්‍යාප්තිය කැපී පෙනෙන ලෙස පහල වැටී ඇති අයුරු පැහැදිලිවම දක්නට ඇත .

එරට එන්නත්කරණ වැඩසසටහන දීපව්‍යාප්තව ආරම්භවූයේ  ජනවාරි මුල් සතියේ පමණ සිට  වන අතර , ඒ අනුව ඊට සමගාමීව කොරෝනා ව්‍යාප්තිය පහත වැටී ඇති අයුරු පහත වගුවෙන්ද දැකගත හැක . විශේෂයෙන්ම එරට දෙවන රැල්ල පාලනය කර ගැනීමට මේ වනවිට හැකියාව ලැබී ඇත්තේ එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් බවද මෙම දත්ත හරහා පැහැදිලි වේ.

 

එන්නත්කරන වැඩසටහනේ සාර්ථකත්වය අනුව ලොව දෙවන ස්ථානයේ රැදී ඇත්තේ සී ෂෙල්ස්  රාජ්‍යයයි . කෙසේ වෙතත් එම රට තුල ආරම්භයේ සිටම වාර්තා වූයේ කොරෝනා රෝගීන් අඩු සංඛ්‍යාවක් වන බැවින් ,හා  එය  ඉතා අඩු ජනගහනයක් ඇති රටක් වන බැවින්,  එන්නත්කරන වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳව එරටින් නිසි අදහසක් ගැනීම අපහසුය . මේ වනවිටත් එරට තුලින් දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 50 කට අඩු මට්ටමක පවතින අතර , මරණ ඉතා අවමය . එරට තුල දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් 500 කටත් ආදී සංඛ්‍යාවකි . එරටින් එතෙක් මෙතෙක් හමුවී ඇති සමස්ත රෝගීන් ගණනද 5000 කට අඩුය .

කෙසේ වෙතත්  මේ වනවිට එරට ජනගහනයෙන් 68% කටම එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමට එරට සෞඛ්‍ය අංශ සමත්ව ඇත .

මෙම ලයිස්තුවේ තුන්වැනි තැන හිමිකර ගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි .

මේ වනවිට එරට පුද්ගලයින්  9,489,684කට එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී ඇත . එරට එන්නත්කරන වැඩසටහන  ආරම්භ වූයේද  දෙසැම්බර් මස අග භාගයේ වන අතර මේ වනවිට කොවිඩ් දෙවන රැල්ල සාර්ථකව පාලනය කර ගැනීමට ඒ අනුව එරටට හැකියාව ලැබී ඇත .

මීට මාස කිහිපයකට පෙර 4000  කට ආසන්නව තිබු දෛනික ආසාධිතයින් ගණන මේ වනවිට 2000 ට අඩු මට්ටමකට ගෙන ඒමට එරට සමත්ව ඇත , එසේම මාස කිහිපයකට පෙර 20 ක පමණ අගයක පැවති දෛනික මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහත හෙලමින් 5 ට අඩු අගයක් දක්වා ගෙන ඒමටද එරට සෞඛ්‍ය අංශ සමත්ව ඇත .

පහත දැක්වෙන්නේ එරට දෛනික මරණ සංඛ්‍යාවට අදාළ දත්ත ඇතුලත් ප්‍රස්තාරයයි .

මෙම ලයිස්තුවේ ඉහලින්ම රැදී ඇති  දකුණු ආසියානු රාජ්‍යය වන්නේ භූතානයයි .  එරට එන්නත්කරන වැඩසටහනට   මුළු ලොවෙන්ම හයවෙනි ස්ථානය හිමිව ඇත . මේ වනවිට එරට ජනගහනයෙන් 63 % කට එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමට එරට සමත්ව ඇත .

එරර සමස්තයක් ලෙසම කොවිඩ් ව්‍යාප්තිය ඉතා පහල මට්ටමක පැවතියත් , පසුගිය මාස වල එරට දෛනික ආසාධිතයින් සංඛ්‍යාව 40 ක මට්ටමක පැවතුනු අතර එන්නත්කරන වැඩසටහනේ ව්‍යාප්තිය සමග එය 10 ට අඩු අගයක් දක්වා පහත බැස ඇත .

එරට එතෙක් මෙතෙක් කොරෝනාවෙන් මියගොස් ඇත්තේ එකම එක පුද්ගලයෙක් පමණක් වීමද ඉතා සුවිශේෂී කරුණකි .

මේ එරට දෛනික කොරෝනා ආසාධිතයින් පිලිබඳ පැහැදිලි කෙරෙන ප්‍රස්තාරයකි .

 

බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව යනු කොරෝනාවෙන් ලොව බරපතල ලෙසම බැටකෑ රටවල් දෙකකි . එසේම කොවිඩ් එන්නත්කරන වැඩසටහන්ද ඉතා සාර්ථකව ක්‍රියාත්මක  කර ඇති රටවල් දෙකකි . ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය හා එන්නත්කරණය අතර සබඳතාව වටහාගැනීමට එම රටවල් දෙකෙන් ලැබෙන දත්ත හා වාර්තා ඉතා ප්‍රයෝජනවත්ය

බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව , එන්නත්කරන වැඩසටහන් වල සාර්ථකත්වය අනුව  පිලිවෙලින් 7 හා 8 වන ස්ථාන දිනාගෙන ඇත . බ්‍රිතාන්‍යය මේ වනවිට තම ජනගහනයෙන් 49 % කට එන්නත ලබාදී ඇති අතර , ඇමෙරිකාව 38% කට ලබාදී ඇත .

එම රටවල් දෙකම තම එන්නත්කරන වැඩසටහන් ආරම්භකලේ පසුගිය දෙසැම්බරයේ දෙවන සතියේ පමණ සිටය .

කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රට වන ඇමෙරිකාව තුලද  මෙම එනත්කරන වැඩසටහනත් සමග කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර පහත වැටීමක් දක්නට ඇත . එන්නත්කරන වැඩසටහන ආරම්භ වන කාලවකවානුවේ එරට දෛනික ආසාධිතයින් සංඛ්‍යාව ලක්‍ෂ දෙකහමාරත් තුනත් අතර පැවතින . මේ වනවිට එය 65000 ත් 75000 අතර අගයකට පහත වැටී ඇත.

මේ එම තත්වය හොඳින් නිරූපණය කෙරෙන ප්‍රස්තාරයකි

ඇමෙරිකාවේදෛනික කොරෝනා මරණ ගණනද එන්නත්කරන වැඩසටහන හරහා පාලනයවී ඇති අයුරු පහත ප්‍රස්තාරයෙන් දැක්වේ .

බ්‍රිතාන්‍යයේ තත්වයද මීට බොහෝදුරට සමානය . පසුගිය ජනවාරිය වන විට 65000 ඉක්මවා තිබු එරට දෛනික ආසාධිතයින් සංඛ්‍යාව මේ වනවිට  2000 සීමාව දක්වා පහත වැටී ඇත . පහත ප්‍රස්තාරයෙන් එය වඩාත්  පැහැදිලි වේ .

 

එරට දෛනික මරණ සංඛ්‍යාවද පසුගිය ජනවාරියේ පැවතියේ 2000 ට කිට්ටු අගයකය , එය දැන් 35 ක සීමාව දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත . මේ ඒ බව දැක්වෙන ප්‍රස්තාරයකි .

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදිම , කොරෝනා වසංගතයෙන් ගැලවීම සඳහා  එන්නත කෙරෙහිම පමණක්  විශ්වාසය තබා කටයුතු කිරීම ප්‍රායෝගික කරුණක් නොවේ . එය අතිශය භයානකය .  . ඒ අනුව  එන්නත්කරණ වැඩසටහන් සමගම , තවදුරටත් මූලික සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන්ද අනුගමනය කිරීමට සියලුම දෙනා කටයුතු කල යුතුමය . ඒ ගැන විවාදයක් නැත .

එහෙත් ඉහත ගෙන හැර දැක්වූ  දත්ත වාර්තා අනුව පැහැදීලි වන්නේ මෙම එන්නත්කරන වැඩසටහන් හරහා කොවිඩ් ව්‍යාප්තිය යම් තරමකින්  පාලනය කිරීමේ  හැකියාවක් පවතින බවකි . විශේෂයෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන්  ඍජු ලෙසම දායක වන බව ඉහත දත්ත හරහා පැහැදිලිවේ.

ඒ අනුව දැනට කොවිඩ් එන්නත් ලැබී නොමැති සියලුම රටවල්වලටද එම එන්නත් නිසි ලෙස බෙදාහැර , ගෝලීය වශයෙන් එන්නත්කරන  වැඩසටහන් විධිමත් සැලැස්මක් සහිතව මෙම වසර පුරාම  ඉදිරියට ගෙනගියහොත් , 2022 වසරේදී , කොවිඩ් රෝගය තවදුරටත් ගෝලීය වසංගතයක්  නොවනු ඇති බවට වන “පුංචි බලාපොරොත්තුවක්” අප සැමගේම සිත් තුල  තබා ගත හැකිවනු ඇත .

 

පැතුම් වික්‍රමරත්න 

([email protected]

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී