නවතම පුවත්

කොවිඩ් අස්සේ සෙමෙන් හිස ඔසවන සංචාරක කර්මාන්තය

අසංක

අසංක

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බරපතළ කඩාවැටීමකට ලක්වූ සංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීම උදෙසා සංචාරක සීමා ලිහිල් කරමින් සංචාරක බුබුළු ඔස්සේ සෞඛ්‍ය රෙගුලාසි මත පැමිණීමට ඉඩලබා දීම නිසා මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් විදේශිකයන් 13,797 දෙනෙක් මෙරට සංචාරය සදහා පැමිණ ඇත.

ජනවාරි මාසයේ 1682 දෙනෙක්, පෙබරවාරි මාසයේ 3366 දෙනෙක්, මාර්තු මාසයේ 4581 දෙනෙක් සහ අප්‍රේල් මාසයේ 4168 දෙනෙක් වශයෙන් එම සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.

පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 507,704 කි. එම වසරේ දෙසැම්බර් මාසයේ පැමිණ ඇත්තේ සංචාරකයන් 393 දෙනෙක් පමණි. එම වසරේ අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කිසිම සංචාරකයෙක් මෙරටට පැමිණ නැත.

2019 වසරේ පාස්කු ප්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට බලපෑමක් එල්ලවූවත් එම වසරේ 1,913,702 ක් සංචාරකයන් මෙරටට පැමිණ තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි