BREAKING NEWS

Share now!

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවේ රුධිර සංචිත වල හිඟයක් මතුව ඇති බව වාර්තාවේ

ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙසේ  සංචිතවල රුධිර හිගයක් මතුව ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ  අධ්‍යක්‍ෂ වෛද්‍ය  ලක්‍ෂ්මන් එදිරිසිංහ.මහතා මාධ්‍ය වෙත පවසීය.

ඒ අනුව තම මධ්‍යස්තාන වෙත පැමිණ ලේ දන්දීමට ඉදිරිපත්වන ලෙසද ඒ මහතා ජනතාව වෙත ඉල්ලීමක් ඉදිරිපත්කළේය

ඕනෑම පුද්ගලයෙකුට කලින් වේලාවක් වෙන්කර දිවයින පුරා පිහිටි සිය මධ්‍යස්ථානවලට රුධිරය ලබාදිය හැකි බවද  ඔහු සදහන් කළේය ..

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ රුධිර ලබා ගන්නා බැවින් ඒ සදහා කිසිවකු බියවිය යුතු නැති බවඩ් ඒ මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment