නවතම පුවත්

රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ 160වන ජන්ම දින සංවත්සරය  ශ්‍රී ලංකාවේදී සැමරේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා සහ මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු නිලධාරීන් 2021 මැයි 7 වන දිනට යෙදුණු ගුරුදේව් රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ 160වන ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. ගුරුදේව් තාගෝර්තුමා හැකියා රැසක අසහාය සම්පිණ්ඩනයක් බව මහ කොමසාරිස්තුමා මෙහිදී පැවසීය.
. මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ වාර්ෂික හින්දි සඟරාව වන ‘ශ්‍රී ලංකා හින්දි සමාචර්’ හි ගුරුදෙව් තාගෝර්තුමා වෙනුවෙන් වෙන්කරනු ලැබූ විශේෂ සංස්කරණයක් මහ කොමසාරිස්තුමා විසින් මෙහිදී එළි දක්වන ලදී. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හින්දි විද්වතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 70කට අධික පිරිසක් විසින් ලියන ලද ලිපි, රචනා සහ කලා නිර්මාණ මෙම විශේෂ කලාපයට ඇතුළත් වේ.
සතියකු පුරා පැවති තාගෝර් ජයන්තිය ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ගගත (ඔන්ලයින්) සංගීත සහ නර්තන තරඟයකින් ද වාර්තා චිත්‍රපට වලින්ද සමන්විත විය.
සාහිත්‍යය වෙනුවෙන් වන නොබෙල් ත්‍යාගය1913 වර්ෂයේදී හිමිකර ගත් ගුරුදේව් තාගෝර්තුමා නොබෙල් සම්මානය දිනාගත් ප්‍රථම ඉන්දියානු ජාතිකයා වේ. එතුමා ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ජාතික ගීතයන්හි නිර්මාතෘවරයා ද වේ. එතුමාගේ දැක්ම, දර්ශනය සහ නිර්මාණ දකුණු ආසියාව සහ ඉන් ඕබ්බට ද තවදුරටත් මහත් බලපෑමක් ඇති කරයි.
ගුරුදේව් තාගෝර්තුමා 1922, 1928 සහ 1934 යන වර්ෂයන්හිදි ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එතුමා සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර ශක්තිමත් සබඳතාවයක් පැවතිණ. තාගෝර්තුමා විසින් පිහිටුවන ලද ශාන්ති නිකේතන්හි විශ්ව භාරතී විශ්ව විද්‍යාලයෙන් ආනන්ද සමරකෝන් මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකික කලාකරුවන් සහ විද්වතුන් රැසක් අධ්‍යාපනය හදාරා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට මුල්ගල තබන ලද්දේ ද තාගෝර්තුමා විසිනි. තාගෝර්තුමා සහ ශ්‍රී ලංකාව අතර පැවති ගැඹුරු සබඳතාවය සැලකිල්ලට ගනිමින් ඉන්දියානු ප්‍රදාන යටතේ රුහුණ විශ්ව විද්‍යාලයේ ඉදි කරන ලද ආසන 1500කින් යුත් නවීන ශ්‍රවණාගාරය තාගෝර්තුමා නමින් නම් කර ඇත.

 

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්