නවතම පුවත්

කොත්මලේ ජලාශය අසල මාර්ගය අඩි 25ක් පමණ ගිලාබැස්ස හැටි

kotmale
අසංක

අසංක

කොත්මලේ ජලාශය ආසන්නයේ ඇති තිස්පනේ මාර්ගයේ විශාල ගිලා බැස්මක් ඇති අයුරු අද (26) උදෑසන මාර්ගයේ ගමන් කරමින් සිටි ගම්වැසියන් දැක තිබේ.

මෙම ගිලා බැසීම ඊයේ (25) රාත්‍රීයත් අද (26) උදෑසනත් අතර කාලය තුළ සිදුව ඇතැයි අනුමාන කරයි.

අඩි 10 ක පමණ වට විෂ්කම්භයකින් යුත් එම ගිලා බැසීම අඩි 25 ක් පමණ ගැඹුරට විහිදී ඇතැයි එම ස්ථානයට ගිය කොත්මලේ පොලීසියේ නිලධාරීන් සදහන් කළේය.

ගිලා බැසීම සිදුව ඇත්තේ ගම්පොළ දෙසින් බවත් මෙම ගිලා බැසීම සිදුව ඇති ස්ථානය පිහිටි පොලොවේ සිට අඩි 30 ක් පමණ ගොඩකර මාර්ගය ඉදිකර ඇතති ස්ථානයක් බවත් පොලීසිය සදන් කරයි.

ගිලා බැසීම සිදුව ඇති ස්ථාවයට යටින් බෝක්කුවක් ඇති බවත් එහි සිදුව ඇති ජල කාන්දුවකින් ගොඩකරන ලද පස් ක්‍රමයෙන් සේදී ගොස් මෙම ගිලා බැසීම සිදුව ඇතැයි එම ස්ථානයට පැමිණි වාර් ඉංජිනේරුවරුන් සදහන් කළ බවත් පොලීසිය කියයි.

මෙම ගිලා බැසීම සුළු කොට තැකීමට නොහැකි බැවින් ඉංජිනේරුවරුන් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ වී ඇති බවත් මෙම ගිලා බැසීම හා කොත්මලේ ජලාශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානමක් මතුව නැති බවත් පොලීසිය සදහන් කරයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?