නවතම පුවත්

දුෂ්මන්ත චමීර සිය එක්දින දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සිය එක්දින දිවියේ පන්දුයවන්නන් අතර හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කොට ඇත. ඒ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 33 වැනි ස්ථානයට පත් වෙමිනි.

පසුගියදා බංග්ලාදේශය සමගින් පැවති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 16 කට කඩුළු 6 ක් දවා ගැනීමත් සමගින් චමීර මෙලෙස ස්ථාන 27 ක් ඉදිරියට පැමිණ ඇත. ‍‍‍මෙම තරගයේදී ශතකයක් වාර්තා කළ ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා ස්ථාන 13 ක් ඉදිරියට පැමිණෙමින්   42 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය. කුසල් 2016 වර්ෂයේදී සිය පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි හොඳම ස්ථානය වාර්තා කරමින් 41 වැනි ස්ථානය දිනා ගෙන ඇත. මීට අමතරම ‍මෙම තරගයේදී නොදැවී ලකුණු 55 ක් වාර්තා කළ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා පිතිකරුවන් ලැයිස්තුවේ ස්ථාන 10 ක් ඉදිරියට පැමිණෙමින් 85 වැනි ස්ථානය දිනාගෙන ඇත.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි