නවතම පුවත්

නෙස්ලේ සමාගමේ ආහාර නිෂ්පාදනයන්ගෙන් 60%ක්ම සෞඛ්‍යයට හිතකර නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නෙස්ලේ (Nestlé) සමාගමේ ආහාර නිෂ්පාදනයන්ගෙන් සියයට 60 ක ප්‍රමාණයක්ම පිළිගත් හා නියමිත  සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුකූල නොවන  බව ජාත්‍යන්තර “ෆයිනෑන්ශල් ටයිම්ස්” ( Financial Times,)  පුවත්වපත අනාවරණය කර සිටී .

ඒ අනුව එම ආහාර නිෂ්පාදන සෞඛ්‍යයට හිතකර නොවන බවද පුවත්පත අවධාරණය කර සිටී .

නෙස්ලේ සමාගමේ ඇතැම් ආහාර නිෂ්පාදනයන් කොතෙකුත් දුරට වෙනස්වීම් හා  වැඩිදියුණු කිරීම්වලට ලක්කලද  ඒවා සෞඛ්‍යාරක්ෂිත තත්වයට පත්කරගත  නොහැකි බවත්  එම සමාගමේම අභ්‍යන්තර වාර්තාවක් හරහා  අනාවරණය වී ඇති බව පුවත්පත මෙහිදී සඳහන් කර ඇත .

සමාගමේ විධායක නිලධාරීන් අතර පමණක් සංසරණය වූ මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ තම ආහාර නිෂ්පාදනයන්ගෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයකටම  ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දර්ශකයන්හි පරිසාධන මට්ටම කරා ලඟාවීමට නොහැකිවී ඇති බවයි .

එසේම එහිදී  නෙස්ලේ සමාගමේ  නිෂ්පාදනය කරනු ලබන බීම වර්ග අතරින් සියයට 96ක්ම,  මෙම පරිසාධන මට්ටමට වඩා පහළින් ඇති බවද මෙම අභ්‍යන්තර වාර්තාවේ දක්වා ඇත . මේ අතර එම සමාගමේ කෝපි නිෂ්පාදනයන්ද ඇතුලත්වේ .

එසේම සමාගමේ අයිස්ක්‍රීම් නිෂ්පාදන අතරින් සියයට 99ක්ම මෙසේ සෞඛ්‍ය දර්ශකයන්ට අනුව සෞඛ්‍යයට හිතකර මට්ටමක නොපවතින බවද මෙම වාර්තාවෙන් අනාවරණය වී ඇත

ලොව විශාලතම ආහාර නිෂ්පාදන ආයතනය ලෙස සැලකෙන නෙස්ලේ සමාගමේ මවු ශාඛාව  ස්විස්ටර්ලන්තයේ පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවද ඇතුළු ලොව පුරා රටවල් රාශියක ජනතාව,  එම සමාගමේ ආහාර නිෂ්පාදන , ඉතා බහුල ලෙස  භාවිතා කරයි .

මෙම පුවතට අදාලව ( Financial Times,)  පුවත්පතේ පළවූ ලිපිය 

 

Nestlé’s headquarters in Switzerland

ස්විස්ටර්ලන්තයේ පිහිටි , නෙස්ලේ සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ල

 

මේ පිළිබඳව පළවූ තවත් වාර්තාවක් –

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්