නවතම පුවත්

“ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ගමනට ආයෝජනයෙන් එක්වන්න” ජනනපතිගෙන් ලෝකයට ඇරයුමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සිදුවන පරිවර්තනීය ගමනට ආයෝජනය කරමින් දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරයි.

රටවල් 65ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ආරම්භ වූ ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම්-2021 සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම ආරාධනාව කළේය. සමුළුව ලබන 09 වැනිදා දක්වා ඔන්ලයින් සමුළුවක් ලෙස පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ එක්ව සංවිධානය කරයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,වැඩිදුරටත් මෙසේද පැවසීය.

“දැනට අප ළඟා කරගෙන සිටින ආර්ථික වර්ධනය දෙගුණ කරගනිමින් 2030 වර්ෂය වනවිට අපගේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 8,000 ක් දක්වා වර්ධනය කරගැනීමේ ඉලක්ක සහගත සැලැස්මක් මගේ රජයට තිබෙනවා. අප නිලධාරීවාදයේ අනවශ්‍ය බාධාවන් ඉවත් කළා. ක්‍රමවේද ශක්තිමත් කරමින් ව්‍යාපාර කටයුතු පහසු කරන්න පියවර ගත්තා. දෙස් විදෙස් ආයෝජකයන්ට වටිනා ප්‍රතිලාභ ළඟා කරගත හැකි ව්‍යාපාර ක්ෂේත්‍ර අවස්ථා රැසක් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. අපගේ දැක්ම, වේගවත් දියුණුවක් අත්පත් කරගනිමින් සිටින අප කලාපයේ ප්‍රමුඛ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට කොළඹ වරාය නගරය පත්කිරීමයි. ඒ සඳහා ඉඩ සලසන නීති සම්පාදන කටයුතු අප දැනටමත් සිදුකර අවසන්. එහි ව්‍යාපාර කටයුතු සඳහා වන විශේෂ දිරිදීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මෙහි ආයෝජනය කරමින් මෙම වටිනා අවස්ථාවෙන් උපරිම පළ නෙලා ගැනීමට අප සියලු රටවල ව්‍යාපාර නායකයන්ව දිරි ගන්වනවා. එම කටයුතු පහසුකරන නීතිමය කටයුතු අපි සිදු කරනවා. මම ඔබට ඇරයුම් කරනවා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් මේ පරිවර්තනීය ගමනට අපත් එක්ක එක්වෙන්න කියලා.”

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී