නවතම පුවත්

මෙවර LPL තරගාවලිය ජුලී 30 ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලිය කළින් සැලසුම් කළ පරිදිම ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙන බව යළිත් වරත් අවධාරණය කර සිටියි. දෙවැනි වතාවටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

එල්.පී.එල්. තරග ඉතිහාසයේ අභිනව තරගාවලිය ඉකුත් 2020 වසරේදී අන්තර්ජාතික රසයද සමඟව කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති අතර එහි ශූරතාව දිනා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

එම තරගාවලිය ලොව පුරා වූ ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් තරගාවලියක් බවට පත්වූ අතර රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය වේදිකා හරහා තරගාවලියේ අවසන් මහ තරගය මිලියන 135 කට අධික සංඛ්‍යාවක් නැරඹූහ.

එම වසරේදී තරගාවලිය ජෛව පරිසරයකට යටත් කොට පැවැත්වුණු අතර මේ වසරේදීද එම තරගාවලිය සුරක්ෂිතව පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ උපදෙස් අනුව සැලසුම් කෙරෙනු ඇත.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී