BREAKING NEWSExpress Gossip

Share now!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණයට අපහාස කළ බවට සහ නිරෝධානය නීති උල්ලංඝනය කළ බවට අධිකරණය වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත . මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ ඔහුගේ නීතිඥයන් විසිනි.

චන්දිමාල් ජයසිංහ මහතාගේ නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ  චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කළ උපන් දින සාදයට සහභාගි වූ පිරිසට අධිකරණයෙන් ඇප ලබාදීම චමුදිත සමරවික්‍රම මහතා විසින් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා විවේචනය කළ බවයි. මේ හරහා ඔහු අධිකරණයට අපහාස කර ඇති බව අදාල පැමිණිල්ලේ සඳහන් ව ඇත

මීට අමතරව මුව ආවරණ නොමැතිව හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් චමුදිත සමරවික්‍රම මහතා සම්මුඛ සාකච්ඡා සිදු කරන බවටද පැමිණිල්ලක් සිදුකර තිබේ  ඒ අනුව මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා පවසන්නේ මාධ්‍යවේදියාට එරෙහිව නඩු පැවරීමටද තම සේවාදායකයා තීරණය කර තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment