Corona Live UpdateFeatured

Share now!

ජනගහනයට සාපේක්‍ෂව කොවිඩ් ආසාදිතයින් හා ආසාදිතයින්ගේ මරණ අනුපාතයන් සලකා බලන විට ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්දියාවද ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී .මෙම තත්වයකඩිනමින් පාලනය කරනොගතහොත් ප්‍රතිඵල අතිශය භයානක වනු ඇති බවද එම සංගමයේ උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසීය අද දින මාධ්‍ය වෙත පැවසීය .

ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් වන බව සංඛ්‍යාලේඛන වල දැක්වෙන බවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉන්දියාවේ අගයද ඉක්මවා යන බවත් වෛද්‍යවරයා මෙහිදී කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49ක් , කොළඹ 2.43,ක් ගම්පහ 2.46ක් සහ , කළුතර 3.34ක් වන බවද ඒ මහතා පැවසෙය
එසේම කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බව නවීන් සොයිසා මහතා පැවසීය

ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් දෙගුණයකට ආසන්න බවද පෙන්වා දුන්නේය.

මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකවීමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මහතා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මකද යන්න ගැටලුවක් බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment