නවතම පුවත්

රහස් පොලීසියට ප්‍රථම වතාවට නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක්

අසංක

අසංක

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථම වතාවට කාන්තාවක්‌ පත්කර ඇත.

ඒ ජ්‍යෞෂ්ඨ පොලිස්‌ අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මියයි. ඇයගේ පත්වීම සිදු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය පරිදි ය.

ඇය 2007.11.03 වන දින ආධුනික සභකාර පොලිස්‌ අධිකාරීවරියක්‌ ලෙස පොලිස්‌ සේවයට බැඳී ඇති අතර වසර 14 ක සේවා කාලයක්‌ ඇති නිලධාරිනියකී.

ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී  උපාධියක්‌, විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියත්‌ ලබා ගෙන ඇත.

එමෙන්ම ඇමරිකා එක්සත්‌ ජනපදයේ හවායි පොලිස්‌ අභ්‍යාස ආයතනයේදී අර්බුද කළමණාකරණ පාඨමාලාවත්‌, තායිලන්තයේ බැංකොක්‌ නුවරදී ආයතනය මඟින්‌ පචත්චන ලද මුදල්‌ විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත්‌, මැලේසියාවේ රාජකීය පොලිස්‌ ඇකඩමියේදී ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත්‌, ඉන්දියාවේ හයිද්‍රාබාද්‌ පොලිස්‌ ඇකඩමියේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාවද හදාරා ඇත.

එමෙන්ම ඇය නුගේගොඩ කොට්ඨාසය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස්‌ නිෂ්කාශන වාර්ථා ඒකකයේ රාජකාරී සිදු කර ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි