නවතම පුවත්

ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට කුමාර් සංගක්කාරද එක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද ඇතුළත් කිරීමට  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත .

ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කර ඇති අතර කුමාර් සංගක්කාරට අමතරව තවත් ක්‍රීඩකයින් දස දෙනෙකු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍ර්‍රීීඩකයින්ගේ ලැයිස්තුවට එක්කර තිබෙ.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කෙරුණු අතර, එහිදී 1918 වසරට පෙර කාලය, 1918 – 1945 කාලය, 1946 – 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 – 2016 කාලයට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇත .

කුමාර් සංගක්කාර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි. ශ්‍රී ලංකාවෙන් මීට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ මුත්තයියා මුරලිදරන් පමනි .

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?