නවතම පුවත්

ලෝකප්‍රසිද්ධ සංචාරක නාලිකාවේ , ශ්‍රී ලංකාව පිලිබඳ වැඩසටහන් මාලාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව සුප්‍රසිද්ධ හා ප්‍රධාන පෙලේ සංචාරක  යු ටියුබ් (YouTube)  නාලිකාවක් වන “Chopstick Travel’ නාලිකාව  ඊයේ (13 ) දින සිට  ශ්‍රී ලංකාව පිලිබඳ වැඩසටහන් ප්‍රචාරය කිරීම ආරම්භ කර ඇත .

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචරණය ආරම්භ කර ඇති ‘Keep the Sri Lankan Holiday Dream Alive,’ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වේ.

සූප වේදය මුල් කරගත්  (culinary travel) සංචාරක   යු ටියුබ්  නාලිකාවක් වන “Chopstick Travel’ සමග මේ වනවිට මිලියන 1.5කට  ආසන්න ප්‍රේක්ෂක  පිරිසක් ලියාපදිංචි වී (subscribers) සිටී . එම නාලිකාව නරඹන්නන් සංඛ්‍යාව මේ වනවිට  224,060,010  ඉක්මවා ඇත .Tourism News

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම නාලිකාවේ  ඩිජිටල් ප්‍රේක්ෂකයින්ගෙන් බහුතරය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ කැනඩාව යන රටවල පුද්ගලයින්ය .

කොරෝනා  වසංගතය සමයේ විවිධ ගැටළු හා බාධක මැද මෙම ,සංචාරක නාලිකාවේ නිර්මාණකරුවන්  දින 20 ක් ශ්‍රී ලංකාවේ  සංචාරය කර  සාර්ථක වැඩසටහන් පහක් නිෂ්පාදනය කල අතර , ඒ සඳහා පූර්ණ  සහයෝගය හා අනුග්‍රහය  ශ්‍රී ලකා සංචරණය විසින් ලබාදෙන ලදී  .

ශ්‍රී ලංකාවේ ගැමි ආහාර රටාව පිළිබඳව මෙන්ම මෙරට   ආදිවාසී ගෝත්‍රිකයන්ගේ ආහාර රටාව පිළිබඳව පවා තොරතුරු මෙම වැඩසටහන්වලට ඇතුලත්ව ඇත .Chopstick Travel' - Keep the Sri Lankan Holiday Dream Alive' - Adaderana Biz English | Sri Lanka Business News

මෙම යු ටියුබ් වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන  , සංචාරක ආකර්ෂණයන් ගැන මෙන්ම    ආහාර රටාවන් හි විවීධත්වය ගැනද ලොව පුරා විශාල ප්‍රසිද්ධියක් ලැබෙනු ඇති බව, ශ්‍රී ලංකා සංචරණය විශ්වාස කරයි .

එසේම ශ්‍රී ලංකාව තුල මේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍යාරක්ෂිත සංචාරක ජීව බුබුළු ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳවද මෙම වැඩසටහන හරහා ලොවට සුභවාදී පණිවුඩයක් ලැබෙනු ඇතිබව ශ්‍රී ලංකා සංචරණය අපේක්ෂා කරයි .

මෙම “Chopstick Travel’ නාලිකාවේ ශ්‍රී ලංකාව පිලිබඳ වැඩසටහන් මාලාව වෙනුවෙන් සකස් කල පූර්ව ප්‍රචාරක වීඩියෝවක  ලූක් මාටින් සහ සැබ්රිනා ඩේවිඩ්සන් යන සංචාරක යුවළ මෙසේ පවසා ඇත “අපි ශ්‍රී ලංකාවට ගිය සංචාරය  ඇදහිය නොහැකි තරම් සුන්දර ගමනක් .. ශ්‍රී ලංකාවේ උසස්  සංස්කෘතිය, ආහාර පිසීම කලාව, සංචාරක ආකර්ෂණයන් පිළිබඳව මෙන්ම සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුල ඇති ආරක්‍ෂිත බව  යන සියල්ල පිලිබඳ තොරතුරු ඉදිරියේදී අප ඔබ සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමු ”

 

YouTube player

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්