නවතම පුවත්

මෙරට ජනගහනයෙන් 11%කට කොවිඩ් මාත්‍රාවක් දී අවසන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට මුළු ජනගහනයෙන් 11% කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති බවට වසංගත රෝග විද්‍යා ඒ්කකයේ දත්ත අනාවරණය කරයි.

කොවිෂීල්ඩ් , සයිනොෆාම් සහ ස්පුට්නික් V යන කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් මෙරට සමස්ත පුද්ගලයින් ගණන 2,285,572කි.

රට පුරා මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබේ.

විදේශයන්ගෙන් කර ඇති ඉල්ලීම් සහ මිලදී ගැනීම් මත කොවිඩ් එන්නත් මාත්‍රා තොග තවදුරටත් ලැබෙමින් පවතී.

පසුගියදා පැවති ජාත්‍යන්තර සමුළුවකදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබුණේ මේ වසර අවසානය වනවිට හෝ ලබන වසර ආරම්භ වනවිට මෙරට සියලුම ජනතාවට කොවිඩ් එන්නත් ලබාදී අවසන් කළ හැකි වනු ඇති බවයි.

මේ අතර මෙම සතියේ ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් තුන් වැනි රැල්ල හිස එසවීමෙන් පසු පැනවූ සංචරණ සීමා ජූනි 07 වැනිදා ඉවත්කිරීමට නියමිතව තිබුණත් තත්ත්වය පාලනය සඳහා රජය එම සංචරණ සීමා ඊයේ (14) දිනය දක්වාත් පසුව ජුනි 21 දක්වාත් දීර්ඝ කිරීමට තීරණය කළේය.

ඒ අනුව අඛණ්ඩ සංචරණ සීමා පැවති අවසන් දින හත තුළ දෛනිකව හමු වී ඇති ආසාදිතයන් ගණන පවතින්නේ 2300 ත් 2800 ත් අතර පරාසයක ය.

ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 2,259කි. දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවලින් පාහේ ඊයේත් ආසාදිතයන් වාර්තා වී ඇත.

දෛනික ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවීමක් පෙන්නුම් කෙරුණත් ගෙවුණු සතියේ තහවුරු කෙරුණු කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

පෙරේදා (13) මෙරට තුළ සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 18,585ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

ඊයේ  මෙරට කොවිඩ් ආසාදිත මරණ 57 ක් වාර්තා වී තිබුණි.

කෙසේවෙතත් එක් එක් දිනයට අදාළ කොවිඩ් මරණ දත්ත එම දිනවලම වාර්තා වලට ඇතුළත් කර නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ ප්‍රකාශ කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි