නවතම පුවත්

වසංගතය මදිවට ආණ්ඩුවේ කට්ටිවාදය මැඩිල්ලත් ජනපති-අගමැති කර පිටට!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ 08ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී .

එවැනි කට්ටිවාදී සහ අපරිනත ක්‍රියාවන් මගින් ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් එම ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බව ද එම ඒකාබද්ධ නිවේදනයේ පෙන්වා දෙයි.

අපේ ජනබල පක්ෂය (අතුරලියේ රතන හිමි), ජාතික නිදහස් පෙරමුණ (විමල් වීරවංශ), ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ (වාසුදේව නානායක්කාර), ලංකා සමසමාජ පක්ෂය (තිස්ස විතාරණ), ජාතික කොංග්‍රසය( ඒ.එල්එම්. අතාවුල්ලා) , ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය (ජී. වීරසිංහ), එක්සත් මහජන පක්ෂය (ටිරාන් අලස්), ශ්‍රී ලංකා මහජන පක්ෂය (අසංක නවරත්න) යන පක්ෂ 8 විසින් මෙම ඒකාබද්ධ නිවේදනයක නිකුත් කරනු ලැබ තිබේ.

ජනතාව සහ ආණ්ඩුව යන දෙඅංශය ම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ‘ජනප්‍රිය නොවන’ තීරණ ගැනීම කුමන ආණ්ඩුවක වුව සිදු විය හැකි බවත් තෙල් මිල වැඩි කිරිමේ තීරණය ද එවැනි ‘ජනප්‍රිය නොව තීරණයක්’ බව ත් අදාළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

එම ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ, තෙල් මිල වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ගනු ලැබූ තීරණයේ වගකීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බූදයකට ඇද දමා ඇති බවය

තවද ප්‍රධාන ලේකම්වරයා විසින් ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කිරීම තුළින් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි, යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇතැයි ද එහි සඳහන් ය.

මේ අතර තෙල් මිල වැඩි කිරීමේ වගකීම බාරගෙන ඇමති ධුරයෙන් බලශක්ති අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස නිවේදනයක් නිකුත් කළ පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (14) පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව කල්දමා තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ නියෝජනයක් ලෙස කරන ලද මෙම නිවේදනයෙන් පසුව සාගර කාරියවසම් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දීම සදහා පෙරේදා (13) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී තෙල් මිල වැඩිකිරීම, මුදල් ඇමතිවරයාගේ අනුමැතිය මත සිදුවූ ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තීරණයක් බව ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ සමගම ජනාධිපති මාධ්‍ය අංශය මගින් ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ තෙල් මිල වැඩිකිරීම ජනපති, අගමැති සහභාගි වූ ජීවන වියදම් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ගත් තීරණයකට අනුව ගනු ලැබූවක් බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්