නවතම පුවත්

ඉන්දියාවේ මත්පැන් ජාවාරමට එරෙහිවූ මාධ්‍යවේදියා ඝාතනයට ලක්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ක්‍රියාත්මක මත්පැන් මාෆියාවට එරෙහිව කටයුතු කල එරට සුප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වූ සුලාබ් ශ්‍රී වාස්තව  මහතා පෙරේදා රාත්‍රියේදී අභිරහස් අන්දමින් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී .

මෙලෙස මරණයට පත්වීමට පෙර දිනයේද ස්රිවාස්තව මහතා , තමාට මරණ තර්ජන ඇති බවට පොලිසියට දැනුම්දී ඇතැයිද වාර්තාවේ .

උත්තර් ප්‍රදේශ්  තුල මත්පැන් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පාහේ පාතාල කණ්ඩායම් නීති විරෝධී ලෙස ක්‍රියාත්මක කරන අතර ඒ පිළිබඳව ශ්‍රී වාස්තව මහතා දිගින් දිගටම මාධ්‍ය හරහා කරුණු අනාවරණය කර ඇත . ඒ හේතුව උඩ එම පාතාල කල්ලි ශ්‍රී වාස්තව මහතා සමග දැඩි කෝපයෙන් සිටි බවද ඉන්දීය මාධ්‍ය සංවිධාන රැසක් සඳහන් කර ඇත .

කෙසේ වෙතත් ඉන්දීය පොලිසිය සඳහන් කර ඇත්තේ මෙම මරණය හදිසි අනතුරක් වන බවයි . ශ්‍රී වාස්තව මහතා පෙරේදා දින රාත්‍රියේ  මාධ්‍ය ආවරණ කටයුත්තක් අවසන් කර තම යතුරු පැදියෙන්  නිවස බලා  පැමිණෙන අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කර ඇත .

නමුත් මෙතෙක් එම අනතුර සිදුවූ අන්දම ගැන කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවත් , මෙය සිතා මතා සිදුකල ඝාතනයක් වන බවත් ඉන්දීය මාධ්‍ය සංවිධාන රැසක් නිවේදනයන් නිකුත් කරමින් අවධාරණය කර ඇත .

මේ අතර ඉන්දීය කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ පක්ෂ රාශියක් මෙම ඝාතනයට විරෝධය පළකරමින් නිවේදන නිකුත් කර ඇති අතර මේ පිලිබඳවා වහා පරීක්ෂණයක් සිදු කරන ලෙසද රජයට බලකර ඇත .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්