නවතම පුවත්

මන්ත්‍රී හරීන්ගේ නිවසට ආ පොලිස් කණ්ඩායම ආපසු හැරී යයි

අසංක

අසංක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පදිංචිව සිටින වත්තල අල්විස් ටවුමේ පිහිටි නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (17) සවස වටලා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ පොලීසියට ලැබි තිබුණු යම් තොරතුරකට අනුව පොලීසිය ඒ ගැන පරීක්ෂා කිරීමට එහි ගොස් ඇති බවය.

පොලිසියේ රථ 04 ක් හා මාධ්‍යවේදීන්ද එම ස්ථානයට ගොස් තිබුණු අතර සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ද ඒ අතර සිට ඇත.

පැමිණි පොලිස් නිලධාරීන් පොලිස් ස්ථාන කිහිපයකට අයත් බවත් උසස් පොලිස් නිලධාරියෙකුගේ නියෝගයකින් එහි ගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කරයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් පිරිසකගේ රැස්වීමක් පැවැත්වෙන බවට ලැබී ඇති තොරතුරකට අනුව එසේ පොලීසිය ක්‍රියාත්මකවී ඇති බව පොලිස් තොරතුරු සදහන් කළේය.

එහෙත් පොලීසිය එහි යන විට එවැනි රැස්වීමක් හෝ රැස්වීමක සලකුණක්වත් පෙනෙන්නට තිබී නැති බැවින් පොලිස් කණ්ඩායම් ආපසු හැරී ගොස් තිබේ.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි