නවතම පුවත්

මිනිස් ලේවල එන්සයිමයෙන් ඉරිතැලීම් තනිවම සකසා ගන්නා කොන්ක්‍රීට් මිශ්‍රණයක් (video)

අසංක

අසංක

අපගේ සිරුරේ තුවාලයක් හෝ කැපුමක් ආදිය සිදුවූු විට කලක් ගතවන විට ක්‍රමානුකූලව සිරුර තුළින්ම එය යථාතත්වයට පත්වනවා මෙන්, අපගේ වත්කම්වලට ද ඔවුන් විසින් සිදු කරන ලද හානියක් නිවැරදි කිරීම සඳහා ඔවුන්ගේම දෑ නැවත ප්‍රතිනිර්මාණය කරගත හැකි නම් අපගේ ජීවිත කොතරම් පහසු වේවිද?

එංගලන්තයේ සිටින දක්ෂයන් කණ්ඩායමකට ස්තූතිවන්ත වන්නට, අපගේ රුධිරයේ ඇති සරල එන්සයිමයක් එකතු කිරීම මගින් කොන්ක්‍රීට් ස්වයං පුනර්ජනනය කළ හැකි පරිදි නිපදවා තිබේ. එනම් කිසියම් කොන්ක්‍රීටට් එකක සිදුවන ඉරිතැලීමක්, පලුද්දක්, වෙන්වීමක් තනිවම සකසා ගන්නා කොන්ක්‍රීට් මිශ්‍රණයක් සකස් කරගැනීමට මෙම කණ්ඩායම සමත් වී ඇත.

පදික වේදිකාවේ, මාර්ගවල හෝ ගොඩනැගිලිවල ඉරිතැලීම් අළුත්වැඩියා කිරීමට වැය වන මුදල්, ටොන් ගණනක් CO2 ඉතිරි කිරීම මෙන්ම මිලියන ගණනක් ඩොලර්, ශ්‍රම වේලාවන් සහ ප්‍රවාහන සහ ගමනාගමනය ඇතිකරන මන්දගාමී වීම් ආදී මෙකී නොකී බොහෝ සම්පත් වැයවීම අවම කරගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.

සාමාන්‍යයෙන් රතු රුධිර සෛලවල ඇති එන්සයිමයක් භාවිතා කරමින් පර්යේෂකයන් විසින් මෙම කොන්ක්‍රීට් මිශ්‍රණයක් නිර්මාණය කර ඇත. එමඟින් ඉදිකිරීම් ද්‍රව්‍යවල ඉරිතැලීම් ස්වයංක්‍රීයව සීල් කර වාතයෙන් CO2 අවශෝෂණය කර කැල්සියම් කාබනේට් ස්ඵටික බවට පරිවර්තනය කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස සාම්ප්‍රදායික කොන්ක්‍රීට් වලට වඩා මෙය හතර ගුණයකින් කල් පවතී. එමෙන්ම එම ව්‍යුහයන්ගේ ආයු කාලය විශාල ලෙස දීර්ඝ කරන අතර අලුත්වැඩියාවන් හෝ ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය විශාල නඩත්තු වියදම් කපා හරී.

වෝර්සෙස්ටර් පොලිටෙක්නික් ආයතනය විසින් මෙලෙස තමන් විසින්ම අළුත්වැඩියා කරගන්නා කොන්ක්‍රීට් මිශ්‍රණයක් පිළිබඳ සොයා බැලීමේ ව්‍යාපෘතියක් මෙහෙයවන ලදී. එය 90 දශකයේ මැද භාගයේ සිට හැකි තරම් උපකල්පන වෙත ළඟාවී ඇති අතර එය 2015 දී බැක්ටීරියා සමඟ සැසඳිය හැකි බවට තහවුරු කරන ලදී.

ඉහත පර්යේෂකයන් මෙන්, නිමා රබ්බාර්ගේ නායකත්වයෙන් යුත් වෝර්සෙස්ටර් හි කණ්ඩායම, රතු රුධිරාණුවල ඇති “කාබොනික් ඇන්හයිඩ්‍රේස්” නම් එන්සයිමයක් ඔවුන්ගේ ජෛව රසායන විද්‍යා සහයෝගීතාකරුගේ යෝජනාවට අනුව භාවිතා කරන ලදී.

අපගේ හුස්ම ගන්නා තරම් ඉක්මනින් අපගේ සෛල වලින් CO2 අපගේ රුධිර නාල වෙත ගෙනයාමට ඇන්හයිඩ්‍රේස් කටයුතු කරන අතර එය කොන්ක්‍රීට් කුඩුවලට එකතු කළ විට එය ඇත්ත වශයෙන්ම කැල්සියම් කාබනේට් ස්ඵටික නිර්මාණය කිරීම සඳහා වාතයේ සිට CO2 භාවිතා කරයි. එය මිලිමීටර කිහිපයක ඉරිතැලීමක් පැය කිහිපයකට පසු පුරවන්නේ විශාල ඉරිතැලීම් ඇතිවීම වළක්වමිනි. එහිදී කොන්ක්‍රීට් අළුත්වැඩියා කිරීමට බැක්ටීරියවලට හැකි වූ හේතු අතර ඇන්හයිඩ්‍රේස් ද විය.

තවත් ක්‍රමයක් වන්නේ කාබනික් ඇන්හයිඩ්‍රේස් ජලය හා කැල්සියම් එකට එකතු කර කොන්ක්‍රීට් ඉරිතැලීමකට ඉසීමයි. එක්ස්-මෑන් චිත්‍රපටයේ වුල්වරින් මෙන් CO2 ඉරිතැලීමට ඉහලින් දැමුවහොත් එය මිනිත්තු කිහිපයකින් මුද්‍රා තබනු ඇත. එය වාතයේ CO2 භාවිතා කරන්නේ නම් ඒ සදහා වැඩි කාලයක් ගතවනු ඇත. මෙම ක්‍රමවේදය සම්පූර්ණ කරගැනීමට මෙම කොන්ක්‍රීට් මිශ්‍රණ විසින් වාතයේ CO2 යම් ප්‍රමාණ උරාගන්නා බවට ද තහවුරු කරගෙන ඇත.

මෑත ඇස්තමේන්තු මගින් ගණනය කර ඇති පරිදි ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 8% ගෝලීය කොන්ක්‍රීට් සැපයුම් දාමය විසින් සිදු කර ඇත. එය ගුවන් සේවා කර්මාන්තයෙන් ජනනය කරන වායු විමෝචනය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය.

මිනිසාගේ පැවැත්මට වඩාත්ම අවශ්‍ය ද්‍රව්‍යවලින් එකක් වන කොන්ක්‍රීට්, යටිතල පහසුකම් සඳහා පවතින මූලික සහ දැවැන්තම ආධාරකයයි.

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි