නවතම පුවත්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය, ලෝකයටම තර්ජනයක් – WHO

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට මුළු ලොවටම මහත් වූ තර්ජනයක් බවට පත්වෙමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී

මේ වනවිටත් එම ප්‍රභේදය ලොව ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වෙමින් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය (chief scientist) ලෙස කටයුතු කරන වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් අවධාරණය කර සිටී

‘‘ඩෙල්ටා ප්‍රභේදය , මෙතරම් භයානක වී ඇත්තේ  එහි ඇති සීග්‍ර ව්‍යාප්තිය වන බවද ..‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය මාධ්‍යවෙත සඳහන් කර ඇත

බ්‍රිතාන්‍යයේ මේ  දිනවල මතුව ඇති   නව කෝවිඩ් රැල්ලට හේතුව ද ඩෙල්ටා ප්‍රභේදය ලෙස  සැලකෙන අතර, ජර්මනියේ ද මෙම ප්‍රභේදය  හිස ඔසවමින් සිටියි. රුසියාවේ මොස්කව් නුවර ද මේ වන විට තුන්වැනි රැල්ලක් ගැන බියට පත් වී තිබෙන අතර, මොස්කව් බලධාරීන් කියා තිබෙන්නේ ඩෙල්ටා හෙවත්  ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය මෙයට වගකිව යුතු බවයි.

ජූනි 15 වැනිදා ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ හිටපු ප්‍රධානියා වන වෛද්‍ය ස්කොට් ගොට්ලිබ් පවසා තිබුණේ ඉදිරි කාලයේදී ඇමරිකාවේ ද නව කොරෝනා රෝගීන් මෙම මාදිලිය නිසා සීඝ්‍ර යෙන් වාර්තා වීමට ඉඩ ඇති බවයි.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි