නවතම පුවත්

සංචාරක සීමා ඉවත් වුණත් ක්‍රියාත්මක නීති මෙන්න

Ajith Rohana
අසංක

අසංක

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා හෙට (21) අලුයම 4.00ට ලිහිල් කළද, පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

එමෙන්ම සෞඛ්‍ය උපමානයන්ට, මාර්ගෝපදේශ ද තවදුරටත් ක්‍රියාතත්මක වේ.

තව ද හෙට (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද ජුනි 23 වනදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වනදා අලුයම 4.00 දක්වා යළිත් රටපුරා සංචරණ සීමා පැනවෙනු ඇත.

හෙට දිනයේත් ජනතා හැසිරීම් නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව පහත සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

* රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවා ස්ථාන සඳහා ගෙන්වා ගත යුත්තේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.

* ඔන්ලයින් ඔස්සේ නිවසේ සිට රාජකාරී සිදු කළ හැකි පිරිස්වලින් නිවස් සිට රාජකාරී කරවා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුයි.

* පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මගීන් ගෙන යා හැක්කේ, ආසන සංඛ්‍යාවට පමණි.

* සෑම මගියෙකුම නිවැරදි ලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

* පළාත් සංචරණ සීමා එලෙසින්ම ක්‍රියාත්මක වන බැවින් පළාත් අතර ගමන් කළ හැක්කේ සුවිශේෂි කරුණක් සඳහා පමණි.

* විශේෂ චාරිකා, වන්දනා ගමන් ආදියට කිසිසේත් අවසර නැහැ.

* පොදු ස්ථානවල ගැවසීම, සාද, ප්‍රිය සම්භාෂණ සපුරා තහනම්.

* වෙළඳසැල්, සුපිරි වෙළඳ සැල් සහ පාරිභෝගික ආයතනවලට පාරිභෝගිකයින් එකවර ඇතුළු කර ගත හැක්කේ ස්ථානයේ ඉඩකඩට සාපේක්ෂව සීමා සහිත පිරිසකි.

* සෑම ආයතනයක්, වෙළඳසලක් තුළ ම අත් පිරිසිදු කිරීම, උෂ්ණත්වය මැන බැලීම සහ දුරස්ථභාව ආරක්ෂා කර ගැනීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වියයුතුයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි