BREAKING NEWSආරක්ෂක

Share now!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වඩාත් හොඳ සේවාවක් බවට පත්කිරීම උදෙසා මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පසුපෙළ සිටින තරුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අලුත් ගමනක් උදෙසා පොලිස්පතිවරයා සමග එක්ව අත්වැල්බැදගෙන තිබේ.

වත්මන් පොලිස්පතිවරයාගේ සේවා කාලය 2023 වසරේදී අවසන්වන අතර එම කාලය තුළ රටේ අපරාධ සිදුවීම වළක්වමින්, අවම කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙළ ගණනාවක් දියත් කිරීම එම නිලධාරීන්ගේ අරමුණ වී ඇත.

මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අද (21) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාව මුණගැසී තිබේ.

එහිදී පොලිස්පතිවරයා විසින් පොලීසියේ අනාගතය ගැන සහ වත්මන් තත්වය ගැන යම් පැහැදිලි කරමින් නව උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මත පැටවී කිබෙන වගකීම් හා කාර්යභාරය පිළිබද එහිදී අවධාරණය කර ඇත.

9 Comments

  1. Hi there! I just wanted to ask if you ever have any issues with hackers? My last blog (wordpress) was hacked and I ended up losing a few months of hard work due to no data backup. Do you have any solutions to stop hackers?|

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment