නවතම පුවත්

ව්‍යාජ පුවත් , චරිත ඝාතන නැති, ගුණාත්මක සමාජ මාධ්‍යයක් උදෙසා -“PIXSTORY’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ව්‍යාජ පුවත් , වෛරී ප්‍රකාශ , චරිත ඝාතනයන් ආදියෙන් තොර විශ්වසනීය , ආරක්‍ෂිත හා වගකීම් සහගත සමාජ මාධ්‍යයක් ගොඩනැගීම ඉලක්ක කරගත් නවතම දුරකථන යෙදවුමක් (App) පික්ස්ටෝරි (Pixstory) නමින් එළිදක්වා ඇත .

ඉන්දියාව , ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක ජනමාධ්‍යවේදීන් , තාක්‍ෂණ විශේෂඥයින් , හා විද්වතුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම නවතම යෙදවුම හඳුන්වාදී ඇති අතර , සත්‍ය බව , නිරවද්‍ය බව හා වගවීම මෙම යෙදවුමේ ප්‍රධානතම ලක්ෂණයන් වේ.

සමාජ මාධ්‍ය තුල වර්තමානයේ පවතින ගැටළු හා අඩුපාඩු සියල්ලම පාහේ ඉවත්කර නිර්මාණය කර ඇති මෙම පික්ස්ටෝරි  යෙදවුම නව මාධ්‍ය ක්ෂේත්‍රය තුල පර්යේෂණාත්මක හා විප්ලවීය වෙනසක් සිදුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත.

ලොව පුරා දැනට ක්‍රියාත්මක අනෙකුත් සමාජ මාධ්‍ය නාලිකා මෙන් නොව, පික්ස්ටෝරි යෙදවුම තුල වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය තොරතුරු හඳුනා ගැනීම සඳහා විශේෂ “පෙරහන්” ක්‍රියාවලියක් ක්‍රියාත්මක වේ.

එසේම සෑම පික්ස්ටෝරි පරිශීලකයෙකුටම ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති අතර ඔවුන් පලකරන දෑ වල ඇති විනිවිදභාවය, සාක්ෂි මත පදනම් වූ ස්වභාවය , නිරවද්‍යභාවය මෙන්ම අන්තර්ක්‍රියා ප්‍රමාණය මත පදනම්ව මෙම ලකුණු ප්‍රමාණය වැඩිවේ .

මෙම යෙදවුම මාස කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේදී දියත් කෙරුණු අතර දැනටමත් රටවල් 90 ක 70000ක පමණ පරිශීලකයින් ප්‍රමාණයක් මේ වට එක්වී ඇත .

විශ්වාසදායක, ආරක්ෂිත සහ සාක්ෂි පදනම් කරගත් සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම හරහා පික්ස්ටෝරි මේ වනවිට පික්ස්ස්ටෝරි සමාජ මාධ්‍ය අවකාශයන් තුල මෙතෙක් පැවති විශාල හිඩැසක් පුරවා ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත .

වෙනත් සමාජ මාධ්‍ය යෙදවුම් වලදී මෙන්ම මෙන්ම, පික්ස්ටෝරි පරිශීලකයින්ට ඡායාරූප සහ කථා පළ කළ හැකි අතර වෙනත් පරිශීලකයින් විසින් පළ කරන ලද අන්තර්ගතයන් සමඟ සම්බන්ධ විය හැකිය. පික්ස්ටෝරි හි ඇති ප්‍රධානතම වෙනස වන්නේ සෑම අතින්ම ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කිරීම හා පලකිරීම සඳහා පරිශීලකයින් යොමුකරවීමට එහි ඇති උපක්‍රමයන්ය .

සමාජ මාධ්‍ය අවකාශය තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම යෙදවුම අවංකභාවය, සහ වගවීම යන සාරධර්ම මත පදනම්ව ඇති බව එහි සම නිර්මාතෘ ජයන්ත් ජෙකොබ් (Jayanth Jacob) මහතා ප්‍රකාශ කර සිටී .

“බොහෝ කලක් තිස්සේ සමාජ මාධ්‍යවල පැවති ඍනාත්මකභාවය මෙන්ම වෛරී, ජාතිවාදී ප්‍රකාශ නිසා ජනතාව බෙදී වෙන්වුනා, පික්ස්ටෝරි යනු මිනිසුන් බෙදා වෙන්කිරීම වෙනුවට එකට එක් කිරීම අරමුණු කරගත් සමාජ මාධ්‍යයක්” යැයි මේ යෙදවුමේ සන්නාම තානාපති ලෝක ප්‍රකට ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක හා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩ්වයිට් හොවාර්ඩ් ( Dwight Howard) සඳහන් කර සිටී

“පවුල් සහ ප්‍රජාවන් අතර විරසකයක් ඇතිකිරීමට නොව යහපත හා හොඳහිත පතුරුවා ලීමට ක්‍රියාත්මක විය හැකි බලවේගයක් ලෙස සමාජ මාධ්‍ය ඉදිරියට ගෙනයාමට පික්ස්ටෝරි වලට හැකියාවක් ඇතැයිද හොවාර්ඩ් පැවසීය.

 

Playstore සහ appstore වෙතින් මෙම යෙදවුම භාගත කල හැක

Download Pixstory:
iOS: https://apple.co/2OGTDFi
Android: https://bit.ly/3mDL6PN

Website:  https://www.pixstory.com

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි