නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයින්ගේ ග්‍රහණයට ලක්වෙලා – ඇතර්ටන් කියයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී  ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයින්ගේ ග්‍රහණයට ලක්වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි එංගලන්තයේ හිටපු  ක්‍රිකට් නායක මයික් ඇතර්ටන් ප්‍රකාශ කර සිටී .

, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය අකාර්යක්ෂම වී ඇති බවද එංගලන්තයේ ටයිම්ස් පුවත්පතට ලිපියක් සපයමින් ඇතර්ටන් අවධාරණය කර ඇත .

ශ්‍රී  ලංකාවට බෙහෙවින් වැදගත් හා බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ ක්‍රිකට් වැනි  ජනප්‍රිය ක්‍රීඩාවක් දූෂිතයින්ගේ ග්‍රහණයට ලක්වීම බොහෝ දුරට සිදුවිය හැකි දෙයක් බවද එම ලිපියේ දක්වා ඇත .

මුදල් වැඩි වශයෙන් ගැවසීම ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගේ ග්‍රහණයට ලක් වීමට ප්‍රධාන හේතුවක් බව එහි සඳහන්වේ.

පසුගිය වසරවල අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාව පිළිබඳව පරීක්ෂණ ගණනාවක් සිදු කිරීම ඊට උදාහරණ බවද  අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත .

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉහළ සිට පහළටම දූෂිත බවට මීට වසර 03කට පෙර මෙරට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසූ බව ද ඇතර්ටන්ගේ ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ විනය පිරිහීමක් දක්නට ලැබෙන බව ද ඔහු සඳහන් කර ඇත

ශ්‍රී ලංකාවේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් ට පුහුණුකරු කිරීමට දුෂ්මන්ත චමීර, වනිදු හසරංග වැනි ක්‍රීඩකයින් සිටියද පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ට පුහුණු කිරීමට එවැනි පිරිසක් නොමැති බව ද අදාළ ලිපිය මගින් මයික් ඇතර්ටන් අවධාරණය කර තිබේ.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි