BREAKING NEWSක්‍රීඩා

Share now!

ඉදිරි වසර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
එංගලන්ත සංචාරයට පෙර ගිවිසුම් අත්සන් කිරිමට නොහැකි බව කියමින් වර්ජනය කල එංගලන්ත සංචාරයට පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන සිය ක්‍රීඩක ගිවිසුමට අත්සන් තැබීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයින් හට ගිවිසුමට අත්සන් තැබීම සඳහා අද උදෑසන 8 දක්වා කාලය ලබාදී තිබුණා.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි සියලු ක්‍රීඩකයින් ලබා දී තිබූ කාලය ඉකුත් වේමට පෙර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
ගිවිසුමට අත්සන් නොතබන ක්‍රීඩකයින් එළඹැඹෙන ඉන්දීය සංචාරය සඳහා තෝරා ගැනීමට සලකා නොබැලෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment