නවතම පුවත්

සිරස වහන ආණ්ඩුවේ වෑයමක් ගැන සජිත් මැතිසබේදී හෙළිකරයි (video)

අසංක

අසංක

රජයේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් විසින් නීතිඥයන් කැඳවා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීමේ නීතිමය තත්ත්වයන් විමසා බලමින් සිටින බවට තමාට දැනගන්නට ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මෙය ගෙතූ කතාවක් නොවන අතර මෙය තමා වගකීමෙන් කරන ප්‍රකාශයක් බව ද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

සිරස නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි නොකරන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන්නැයි විපක්ෂනායකවරයා මෙහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයෙන් පසු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කෑකෝ ගසමින් සභා ගැබ මැදට පැමිණ විරෝධතාවයට සැරසෙන්නට වූහ.

මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ සිදුනොවන බවත් කිසිදු මාධ්‍ය ආයතනයට එරෙහිව මර්දනකාරී ක්‍රියාවක් වත්මන් රජය සිදු නොකරන බව ය.

 

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි