නවතම පුවත්

කොළඹ – මොස්කව් ගුවන් ගමන් යළි ඇරඹේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන 30 වැනිදා සිට රුසියාවේ මොස්කව්නුවර වෙත නැවත වරක් සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන 30 වනදා සිට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මොස්කව් ගුවන්තොටුපොළ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් අද (07) පැවසීය.

සෑම සිකුරාදා දිනකම රාත්‍රී 11.20 කටුනයකින් ශ්‍රී ලංකාවේ සිට පිරිමැසුම් පංතියේ ආසන269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සමන්විත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා පිටත් වන අතර ඉරිදා නැවත ආපසු පැමිණීමට නියමිතයි. මෙම නගර දෙක අතර පියාසර කාලය පැය 8 යි විනාඩි 25 ක් පමණ ගත වන බව ශ්‍රි ලංකන් ගුවන් සේවය පවසයි.

කොළඹ සහ මොස්කව් සම්බන්ධ කරන ගුවන් සේවා නැවත ආරම්භ කිරීම සංචාරක කටයුතු වලට පහසුකම් සැපයීම පමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට ඉවහල් වනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම  කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සමාගමේ ගුවන් ටිකට්පත් කාර්යාලවලින් හෝ ඔවුන්ගේ කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන් කරවා ගත හැකි බවද ඒම සමාගම කියා සිටී.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 011 777 19 79 යන දුරකතන අංකයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෝලීය සබඳතා මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි