නවතම පුවත්

මිනිසාගේ නොමනා ක්‍රියා නිසා ගෝලීය පාරිසරික අර්බුදයක් අතලඟයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට ගෝලීය වශයෙන්  දේශගුණික විපර්යාසයන් රැසක් සිදුවෙමින් පවතින බවත් මිනිස් ක්‍රියාකාරකම් , මෙම තත්වයට ඍජු ලෙසම බලපා ඇති බවත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල   නවතම  අධ්‍යයනයකදී  හෙළි වී ඇත.

විශේෂයෙන්ම අක්‍රමවත් ගෝලීය වර්ෂාපතනයන් , ගෝලීය  උෂ්ණත්වය ඉහළයාම් , මෙම විපර්යාස අතර වන බවත් , මෙම තත්වය පාලනය කිරීමට කඩිනම් පියවරයන් නොගතහොත් මිනිස් වර්ගයා නුදුරේදීම ඉතාමත් බරපතල පාරිසරික ව්‍යසනයන්ට මුහුණ දෙනු ඇති බවත් මෙම අධ්‍යයනය හරහා අනතුරු අඟවා ඇත .

snapshot of global weather.

ලොව පුරා මේ වනවිටත් වාර්තා වනාන් , වර්ෂාපතන ක්‍රියාවලියේ වෙනස්වීම් , උෂ්ණත්ව ඉහල යාම් , මෙන්ම ආන්තික වර්ෂාපතන ක්‍රියාකාරකම් වන ගං වතුර , නාය යෑම් ආදී සිදු වීම් සදහා ප්‍රධාන වගකිව යුත්තා මිනිසාම වන බවට මෙම  විද්‍යාත්මක අධ්‍යයනයේදී අනාවරණය වී ඇත .

El Niño–Southern Oscillation (ENSO) එනම් නිවර්තක පැසිපික් සාගරය මතුපිට උෂ්ණත්වයේ සහ සුළගේ අක්‍රමවත් ආවර්ථි්‍තා විචල්‍යයන් කෙරෙහි බලපාන මිනිස් ක්‍රියාකාරකම් මෙසේ ගෝලීය වර්ෂාපතන ක්‍රියාවලියද  අක්‍රමවත් කිරීමට බලපෑ ඇති බවට මෙම අධ්‍යයන වාර්තාවේ දැක්වේ .

මිනිසා විසින් නිර්මාණය කරන දේශ ගුණික විපර්යාසයන් හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යන අතර  විවිධ යාන්ත්‍රණයන් හෙතුකොටගනිමින් ඉහළ යන උෂ්ණත්වය අධික වර්ෂිපතනයට මග පාදන බවත් වාර්තාවේ දක්වේ.

. අධික වර්ෂාපනයකට මෙසේ හේතුවන ප්‍රමුඛතම යාන්ත්‍රණය වන්නේ උණ්සුම් වාතය ට වැඩි ජලය ප්‍රමාණයක් රදවා තබා ගත හැකි වීමේ යාන්ත්‍රණයයි. එය කුණාටු වලට මග පාදන බවද වාර්තාවේ දක්වා ඇත …

අද වන විට ගෝලිය උෂ්ණත්වයේ කැපී පෙනෙන  වැඩිවීමක් පවතින බව ,මෙම අධ්‍යයනයට දායක වූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  පර්යේෂිකා ආචාර්ය සිහාන් ලී පවසන අතර  “උෂ්ණත්වය ඉහළ යාම අඛණ්ඩව සිදුවුවහොත්,  අධික වර්ෂාපතනයේ තීව්‍ර අවස්ථාවන්ද පමණක් නොව අධික නියඟ සිදුවීම් ද දක්නට  ලැබෙනු ඇතැ”යි  ඇය සඳහන් කර ඇත

 

 

 

.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?