නවතම පුවත්

ඔලිම්පික් තරඟාවලිය ප්‍රේක්ෂකයින්ගෙන් තොරව පැවැත්වීමේ සැලසුමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසය යළිත් ජපානය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති හෙයින් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

හදිසි තත්ත්වය අගෝස්තු 22 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර මෙම තත්වය මත, ටෝකියෝ නගරයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ තරඟ බහුතරයක් ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීම ඔලිම්පික් සංවිධායකයන් තීරණය කර තිබේ.

විදෙස් රටවල‍ ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීම සඳහා අවස්ථාව අහිමි වන නමුත් ජපාන ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගනවල ධාරිතාවයෙන් 50% ක පමණ ප්‍රමාණයක් වෙන් කිරීමට මීට පෙර තීරණය කර තිබිණි. කෙසේ නමුත් රටතුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් ප්‍රේක්ෂකයන් රහිතව තරග පැවැත්වීමටයි මේ වනවිට තීරණය කර තිබෙන්නේ.

ඔලිම්පික් තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගම විසින් පැය 7000 කට වැඩි ප්‍රමාණයක් සජීවීව විකාශය කිරීම සඳහා සැළසුම් සකස් කර තිබෙ. ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගනවලට ප්‍රවේශ වීමේ අවස්ථාව අහිමි වීමත් සමග රූපවාහිනී මාධ්‍යයෙන් හා අන්තර්ජාලය හරහා තරගාවලිය නරඹන ප්‍රේක්ෂකයන්ගේ ප්‍රමාණය ඉහළ යනු ඇති බවට ඔවුන් නිගමනය කර තිබෙ.

කෙසේ වෙතත් ටෝකියෝ නගරයෙන් පිටත පැවැත්වෙන ඇතැම් තරඟ ඉසව් සඳහා ප්‍රේක්‍ෂකයින් සීමිත ප්‍රමාණයක් එක්කරගනීමටද සංවිධායකයින් දැනට සැලසුම් කර ඇත

 

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි