නවතම පුවත්

සැප්තැම්බරයට පෙර ජනගහනයෙන් බහුතරයකට කොවිඩ් එන්නත ලබාදිය යුතුයි – ජනපති අවධාරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීමට පියවර ගත යුතු බව  එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත

කොවිඩ් පැතිර යාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කයන්ට ප්‍රමුඛතාව දෙමින් ජුලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට සැලසුම් කල යුතු බවද ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත .

ඒ අනුව ජුලි 11 වන දින ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක්, ගම්පහට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් බැඟින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත් දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැඟින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර ඇත

මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙනු ලැබ ඇත .

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිත අතර . ඉන් ලක්ෂ හයක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කෙරේ .

ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්ක‍යේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙ.

මේ වන විට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කයන්ටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමට සැලසුම් කර ඇත.

ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදාහැරීමට තීරණය කර තිබෙ.

.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි