නවතම පුවත්

උසස් පෙළ විභාගය ඔක්තෝබරයේ පැවැත්වීමට සැලසුමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (A/L) ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට දැනට  කටයුතු සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටී .

කෙසේ වෙතත්උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත 02ක්  ඉදිරිපත්ව ඇති  බවද  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මාධ්‍ය වෙත පැවසීය  .

ප්‍රථම වරට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ, විභාගය කල් දැමීම යෝග්‍ය බව වන අතර .දෙවන වරට විභාගයට පෙනී සිටින දරුවන් ඉල්ලන්නේ , ඔක්තෝම්බර් මාසයේ ම ප්‍රමාදයකින් තොරව විභාගය පවත්වන ලෙසයැයි අමාත්‍යවරයා පැවසීය .

ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගැනීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා  සදහන් කළේය.

ප්‍රථම වරට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දළ වශයෙන් දෙලක්ෂයක පමණ ප්‍රමාණයක් සිටින අතර දෙවන වරට පෙනී සිටින දරුවන් 150,000 ක් පමණ සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී   පැවසිය.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්