නවතම පුවත්

WHO වෙතින් කොවිඩ් විශේෂ ප්‍රදානයක් ලැබීමට ජ’පුරේ යෝජනාවක් සුදුසුකම් ලබයි

අසංක

අසංක

COVID හඳුනා ගැනීමේ Rapid Antigen පරීක්ශණ සදහා අමෙරිකානු ඩොලර් ලක්ෂ2ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ ආධාරය ලබාදීම සඳහා සුදුසුකම් ලැබූ රටවල් 5ක් අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යෝජනාව ද සුදුසුකම් ලබා තිබේ.

එම යෝජනාව වෛද්‍ය චන්දිම ජීවන්දර සහ මහාචාර්ය නීලිකා මලවිගේගේ නායකත්වය යටතේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකය (AICBU) සහයෝගිතාකරුවෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හවුල්කාරිත්වයෙන් යුතුව ඉදිරිපත් කර තිබුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී ය.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් SARS-CoV-2 Ag-RDT අධීක්ෂණය කිරීම සඳහා ප්‍රොටෝකෝලයක් නිර්මාණය කර යෝජනා ඉදිරිපත් කරන ලෙස ඒ ඒ රටවලින් කළ කැඳවීමකට ය. මෙය තරගකාරි ක්‍රමවේදයකට අනුව සිදුවන අතර රටවල් 5ක යෝජනා එහිදී තෝරාගනු ලබයි.

ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තෝරාගෙන ඇත.

මෙම ප්‍රදානය ඔස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩොලර් 199,999 ක් වෛද්‍ය පීඨයේ පර්යේෂණ සිදුකිරීම වෙනුවෙන් අරමුදල් සපයනු ඇත. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද Ag-RDT හෙවත් රැපිඩ් ඇන්ටිජන් කිට් 200,000 ක් දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ පර්යේෂණ සඳහා අවශ්‍ය වන්නේ ඇන්ටිජන් කට්ටල ඉතා සුළු ප්‍රමාණයක් බැවින් ඉතිරි විශාල ප්‍රමාණයක ඇන්ටිජන් කට්ටල රෝහල්වලට ලබන සතියේදී ලබාදීමට කටයුතු කරන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි