නවතම පුවත්

ෆයිසර් එන්නතේ මාත්‍රා තුනක් ලබාගත යුතුද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ෆයිසර් එන්නතෙන් උපරිම ප්‍රතිඵල හා ආරක්ෂාව ලබාගැනීමටනම් එම එන්නතෙන්  මාත්‍රා තුනක් ලබාගත යුතු බව  ෆයිසර් එන්නතේ නිෂ්පාදන සමාගම  ප්‍රකාශ කර ඇත .

ඒ අනුව ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස හයකට පසුව එන්නතේ තෙවන මාත්‍රාවද ලබාගත යුතු බවත් , ඒ හරහා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වඩාත් හොඳින් ලැබෙන බවත් එන්නතේ නිෂ්පාදන සමාගම වන “ෆයිසර් ඇන්ඩ් බයෝඑන්ටෙක්”  සමාගම සඳහන් කර ඇත.

මේ බව විද්‍යාත්මකව තහවුරු කිරීමට අදාළ දත්ත වාර්තා කඩිනමින් නිකුත් කරන බවද එම සමාගමේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

ඒ අනුව ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින්ට , එන්නතේ තෙවන මාත්රාවද ලබාදිය යුතු බවට නිර්දේශ කරන ලෙස ෆයිසර් ඇන්ඩ් බයොඑන්ටෙක් සමාගම , ඇමෙරිකාවේ ඖෂධ හා ආහාර පාලනාධිකාරිය වෙත ඉල්ලීමක්ද කර ඇත .

කෙසේ වෙතත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාවේ ඖෂධ හා ආහාර පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ , එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම මේ මොහොතේ අවශ්‍ය නොවන බවයි . විශේෂයෙන්ම මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ මෙතෙක් එන්නත් මාත්‍රාවක් හෝ ලබානොගත් පුද්ගලයින් නිසි පරිදි එන්නත් කිරීම වන බවද එම අධිකාරිය නිකුත් කල නිවේදනයක දැක්වේ.

එන්නතේ තෙවන මාත්‍රාවක අවශ්‍යතාවය ගැන ඉදිරියේදී නිසි විද්‍යාත්මක පර්යේෂණයන් සිදුකර , දත්ත වාර්තා අධ්‍යයනය කර , ප්‍රකාශයක් ඉදීරිපත්  කරන බවත්  , එතෙක් ඒ ගැන ජනතාව අවධානයක් යොමුකිරීම අවශ්‍ය නොවන බවත් එම නිවේදනයේ දැක්වේ .

එන්නත් නිෂ්පාදන සමාගම් කෙරෙහි තම පාලනාධිකාරියේ විශාල ගෞරවයක් දක්වන නමුත් මේ මොහොතේ ඇමෙරිකානු ජනතාව පිළිපැදිය යුත්තේ එම සමාගම් විසින් ලබාදෙන අවවාද හා තොරතුරු  නොවන බවද මෙම නිවේදනයේ පැහැදිලිව දක්වා ඇත .

 

මේ පිළිබඳව CNN පුවත් සේවයේ පළවූ ලිපිය මෙතනින් …

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්